ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව හෙට කොළඹ වරායට

Monday, 04 October 2021 - 12:50

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7
ලොව විශාලතම බහාලුම් නෞකාව ලෙස සැලකෙන “එවර් එස්” හෙට (05) කොළඹ වරායට පැමිණෙනවා.

මීටර් 400 ක් දිගැති, මීටර් 62 ක් පළල මෙම නෞකාවේ බහාලුම් 23,992 ක් රැගෙන යා හැකියි.

 එවර්ග්‍රීන් නෞකා සමාගමට අයත් මෙම නෞකාව පසුගිය ජූලි මාසයේ දියත් කෙරුණු අතර පැනමා රජය යටතේ මෙහෙයුම් සිදුකරනු ලබනවා.

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායෙන් පසුගිය මාසයෙන් නික්මුණු නෞකාව ඒ අනුව හෙට දිනයේ කොළඹ වරායට ළඟා වනු ඇති.

මෙතරම් විශාල බහාලුම් නෞකාවක් හැසිරවිය හැකි වරාය 24 ක් පමණක් ලොව පවතින අතර, දකුණු ආසියාවේ එය නැංගුරම්ලා හැකි එකම වරාය වන්නේ ද කොළඹ වරායයි.