ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කටයුතු පුළුල් වන ලකුණු

Tuesday, 12 October 2021 - 8:10

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත වූවන් සදහා මෙරට පවතින ව්‍යාපාර හිතකර පරිසරය මෙන්ම වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබදව දැනුවත් කිරීමේ හමුවක් චෙන්නායි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඉන්දියානු රෙදිපිළි නිෂ්පාදකයින් ඉලක්ක කර ගත් එම හමුවට, චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ඩී. වෙන්කටේෂ්වරන්, තමිල්නාඩු බලවේග පෙහෙකම් සම්මේලනය සහ වෙළඳ හා ආයෝජන කටයුතුවල නිරත පිරිසක් එක් වූ බව සදහන්.

පවතින වෙළඳ ගිවිසුම් යටතේ තීරු බදු සහන ලබාදීම මෙන්ම ශ්‍රී ලංකාවට ඉතා ආසන්නයේ ඉන්දියාව පිහිටා තිබීම හේතුවෙන් අවම ප්‍රවාහන පිරිවැයක් යටතේ වෙළඳාම් කටයුතු සිදු කිරීමට ඇති හැකියාව පිළිබදව ද එහිදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.