ෆිච් රේටින්ස් මෙරට ණය වර්ගීකරණය තවදුරටත් පහත හෙළයි(වීඩියෝ)

Saturday, 18 December 2021 - 9:54

%E0%B7%86%E0%B7%92%E0%B6%A0%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%BA%E0%B7%92%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ෆිච් ජාත්‍යන්තර විගණන ආයතනය මඟින් මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සී.සී.සී ලෙස දක්වා තිබූ එම වර්ගීකරණය සී.සී ලෙස පහත හෙළා ඇති බවයි එමඟින් නිවේදනය කළේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතය  සියයට 6 ක මට්ටමේ පවත්වාගැනීමේ උත්සාහය මෙන්ම ද්‍රවශීලතා මැදිහත් වීම් හේතුවෙන් විදේශ සංචිතය සිඳී යාම සහ විදේශ මුදල් හිඟයක් ඇති වීම මෙලෙස මෙරට ණය ගෙවීමේ හැකියාව පිළිබඳ වර්ගීකරණය පහත හෙළීමට හේතු ලෙස ෆිච් රේටින්ස් ආයතනය දක්වා තිබෙනවා.