විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ පහළට

Saturday, 15 January 2022 - 8:27

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ විදේශ මුදල් හෙවත් ප්‍රේෂණ පසුගිය වසරේ දෙසැම්බරයේ පෙර වසරට සාපේක්ෂව සියයට 60කින් පමණ පහත වැටී තිබෙනවා.

දෙසැම්බර් මාසයේ ඔවුන් එලෙස මෙරටට එවූ ප්‍රේෂණ ඩොලර් බිලියන 325.2ක් වූ අතර, 2021 සමස්ත වසර තුළ එලෙස එවූ ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 5,491.5ක්.

ඒ අනුව 2021 වසර සැළකූ විට පෙර වසරට සාපේක්ෂ ව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවූ ප්‍රේෂණ 22.7කින් පහත වැටී ඇති බවයි නවතම දත්ත මගින් අනාවරණ වන්නේ.

මේ වනවිට ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාතය මහ බැංකුව විසින් ස්ථාවරව පවත්වාගෙන යන අතර, එය සටහන් වන්නේ ඩොලරයක් සඳහා රුපියල් 203ක මට්ටමකයි.

ප්‍රේෂණ සඳහා අමතර රුපියල් 10ක් ලබාදීමට ද මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

කෙසේ නමුත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් උන්ඩියාල් සහ හවාලා යන සාම්ප්‍රදායික ගෙවීම් පියවීමේ වෙළඳපොළ තුළ ඩොලරයක් සඳහා රුපියල් 240ත් 250ත් අතර ප්‍රමාණයක් ලබාගන්නා බව සඳහන්.