අපනයන ඉපැයීම් ඉතිහාසයේ ඉහළ ම මාසික අගය වාර්තා කෙරෙයි

Tuesday, 25 January 2022 - 14:47

%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%89%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පසුගිය 2021 වසරේ නොවැම්බර් මාසයේ දී මෙරට අපනයනය ඉපැයීම් ඉතිහාසයේ ඉහළ ම මාසික අපනයන අගය වාර්තා කළ බව මහබැංකුව ප්‍රකාශ කළා.

එමෙන්ම, එහිදී අඛණ්ඩව 6 වන මාසයටත් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්ම වීම විශේෂත්වයක්.

කෙසේ නමුත් 2021 නොවැම්බර් මාසයේ දී ආනයන වියදම ද වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

අපනයන ආදායම ඉහළ යාම හේතුවෙන් 2020 වසරේ නොවැම්බරයේ පැවති ඇමරිකානු ඩොලර් මිලියන 600ක වෙළද භාණ්ඩ හිගය 2021 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 553 දක්වා අඩු වුණා.

එමෙන්ම, සංචාරක ආගමනය ද නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් ඇති අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඩුවීමක් තවදුරටත් පෙන්නුම් කර තිබෙනවා.