AIA ඉන්ෂුවරන්ස් හි පොසොන් රැකවරණ වැඩසටහන 27 වැනි වසරටත්

Thursday, 09 June 2022 - 15:39

AIA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%82%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+27+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් 27 වන වතාවටත් ශ්‍රී ලංකාවේ දීර්ඝතම ආයතනික සමාජමය මෙහෙවරක් වන \'AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය\' සුපුරුදු පරිදි මෙවර පොසොන් සමයේදීත් සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ජාතික පොසොන් උත්සවය සඳහා සහභාගී වීමට පුදබිම් වෙත ගමන් ගන්නා බැතිමතුන් වැව්වලින් දිය ස්නානය කිරීමේ දී ඇතිවිය හැකි අවදානම සැලකීමට ගෙන, අනුරාධපුර, පොලොන්නරුව, දඹුල්ල සහ මිහින්තලේ පූජා නගර සියල්ල ආශ්‍රිතව පිහිටා ඇති වැව් 22ක් ආවරණය වන අයුරින් දින 3ක් පුරාවට, 500කට අධික ජීවිතාරක්ෂක නිලධාරින්ගේ සේවය ලබා ගනිමින් බැතිමතුන්ගේ ජීවිතවලට දියේ දී වියහැකි අනතුරු සඳහා රැකවරණ තහවුරු කර තිබෙනවා.

මෙම අභියෝගාත්මක වසර තුළ දී දැනට පවතින තත්ත්වය පිටුදැකීම සඳහා ජනතාව විසින් මව්බිම වෙනුවෙන් සෙත් පැතීම උදෙසා විශාල වශයෙන් මෙම පුදබිම් වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර, මෙවරත් පොසොන් උත්සවය සඳහා වර්තමානයේ රටේ පවතින ගැටලුකාරී වාතාවරණය අතරේ වුව ද විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.