SLT-MOBITEL සේවා පුළුල් කිරීමේ ජාතික යෝජනාවලිය හඳුන්වාදෙයි (වීඩියෝ)

Thursday, 28 July 2022 - 13:10

SLT-MOBITEL+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, සේවා පුළුල් කිරීම සහ ඩිජිටල් තාක්ෂණ බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා එළිදැක්වූවා.

පුරවැසි අනන්‍යතා ඩිජිටල්කරණය සහ සවිමත් ඩිජිටල් ආරක්ෂක සහ පුද්ගලිකත්ව පද්ධති සමගින් පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම, නව ජාතික ඩිජිටල් පෙරළියක් සඳහා SLT-MOBITEL යෝජනාකරන යෝජනාවලියේ පදනමයි.

එම යෝජනාවලිය, සියලු‍ අංශ තුළ ඩිජිටල් වාණිජ්‍යය සහ E -පාලනය හඳුන්වා දීම සඳහා අවශ්‍ය නව්‍ය තාක්ෂණික ක්‍රමවේදවල පදනම වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

SLT-MOBITEL සමාගම සුව සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධිකරණ ක්‍රියාවලි සහ බැංකුකරණ හා මුල්‍යයනය යන අංශ මෙම නව ක්‍රමවේදය හරහා වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුක්තව බලගැන්වීමට නියමිතයි.

විදුලි සංදේශ සහ තාක්ෂණ අංශයේ මෙරට වඩාත් ප්‍රබල සන්නාමයක් වන SLT- MOBITEL, මෙරට ජාතික ඩිජිටල් පෙරළියක් ඇති කිරීම සඳහා ඇති ප්‍රධානතම බාධක ලෙස හඳුනාගෙන ඇත්තේ සම්ප්‍රදායික ක්‍රමවේද, අකාර්යක්ෂමතාව, දූෂණය, අධික මෙහෙයුම් පිරිවැය සහ නාස්තියයි.

මෙම නව ජාතික ඩිජිටල් පෙරළිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ”සිංගප්පූරුව මෙන් ශ්‍රී ලංකාවට ද නවෝත්පාදන තාක්ෂණය සෑම අංශයක ම පදනම බවට පත්කරමින් ‘සුහුරු රටක්‘ බවට පත්වීමේ හැකියාව පවතින බවයි.