ඩයලොග් සමාගම සහ සම්පත් බැංකුව එක්ව සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදෙයි

Tuesday, 11 October 2022 - 16:23

%E0%B6%A9%E0%B6%BA%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සීමාවකට යටත්වීමකින් තොරව ඉන්ධන සැපයේ - බලගැන්වීම - ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව,IOC saha MillenniumIT ESP

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සම්පත් බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සම්මත ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමට පහසුකම් සැලසීම වෙනුවෙන් සංචාරක ඉන්ධන අවසරපත (Torurist Fuel Pass) හඳුන්වාදීමට කටයුතු කරන ලදී. ඒ අනුව දිවයිනට පැමිණෙන සංචාරකයෙකුට තම රටේ භාවිත වන විදේශ මුදල් ඒකකය උපයෝගී කරගනිමින් ඕනෑම සම්පත් බැංකු ශාඛාවකින් සංචාරක ඉන්ධන අවසරපත මිලදීගත හැක. මෙම අවසරපත MilleniumIT ESP සමාගම විසින් සංවර්ධනය කරන ලද Touch Fuel ක්‍රමවේදය හරහා බලගැන්වෙන අතර දිවයින පුරා පිහිටි තෝරාගත් සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල්වලින් මෙම සේවාව ලබාගත හැක.

සංචාරකයන්ට මෙම ඉන්ධන අවසරපත භාවිතයෙන් ඉන්ධන මිලදී ගැනීමට පමණක් ගෙවීම් කිරීම සඳහා මෙවැනි කාඩ්පතක් නිකුත් කිරීමට ඩයලොග් සමාගමට අදාළ අනුමැතිය හිමි වී තිබේ. Touch Fuel සේවාව දිවයින පුරා පිහිටි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 300 කදී ලබාගත හැකි අතර ඔක්තෝබර් මාසය අවසන් වන විට එම සේවාව පිරවුම්හල් 500 කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිවිසුමේ ශාඛාව ඇතුළුව දිවයින පුරා පිහිටි සම්පත් බැංකු ශාඛා 229 න් ඇමරිකානු ඩොලර් 5 කට ඉන්ධන අවසරපත මිලදීගත හැක. යම් හෙයකින් සංචාරකයෙකුට ඉන්ධන අවසරපත සම්බන්ධයෙන් අතිරේක තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් https://fuelpass.gov.lk/touristpass වෙත පිවිසීමෙන් ද, පැය 24 පුරා ක්‍රියාත්මක වන 1393 ක්ෂණික අංකය ඇමතීමෙන් ද දැනුම්වත් විය හැකීයි. මෙම ඉන්ධන අවසරපත ඇමරිකානු ඩොලර් 50 ක අවම සහ ඩොලර් 300 ක උපරිම top -up අගයකින් යුතු වන අතර ඊට අදාළ ගෙවීම පිළිගත් විදේශ මුදල් ඒකකයකින් ගෙවිය හැකි වේ. මෙම අගය එදිනට නියමිත විදේශ විනිමය අනුපාත වටිනාකම අනුව රුපියල් වලට පරිවර්තනය කර එයින් සහන ගාස්තුවක් අය කර ගැනේ. ඉන්ධන අවසරපත වෙනුවෙන් නිකුත් කරනු ලබන කාඩ්පත එය සක්‍රිය කරන දින සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු වේ. ඉන්ධන අවසරපත වෙනුවෙන් නිකුත් කෙරෙන කාඩ්පතක් නැති වුවහොත් හෝ පළුඳු වුවහොත් දිවයින පුරා පිහිටි ඕනෑම සම්පත් බැංකු ශාඛාවකින් ඒ වෙනුවට නව කාඩ්පතක් ලබාගැනීමේ හැකියාව පවතී.

සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර මැතිතුමා \"ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයේ නියැලීමට බලාපොරොත්තුවෙන් සිටින, රටේ පවතින ඉන්ධන තත්වය පිළිබඳව සැලකිලිමත් වන විදේශ සංචාරකයින්ට මෙහි පැමිනිම උනන්දු කරවමින් සංචාරක ඉන්ධන අවසරපතක් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මම ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට, සම්පත් බැංකුවට, ඩයලොග් සමාගමේ තාක්ෂණික සහකරු වන MillenniumIT ESP සමාගම, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට මම ස්තුතිවන්ත වෙනවා. මේ ලස්සන දිවයිනට පැමිණෙන සියලූම අමුත්තන්ට සුරක්ෂිත පහසු වටපිටාවක් සකස් කරදීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය නිරතුරුව කැපවී සිටිනවා. සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීමට කටයුතු ඒ වෙනුවෙන් අප ගත් තවත් එක් පියවරක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

සංචාරක ඉන්ධන අවසරපත එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙලෙස අදහස් දක්වන ලදී. සංචාරක සමයේ අරම්භයත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් මේ ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම සතුටට කරුණක්. මෙරට සමාගම් ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනෙකු වන, ඒ වගේම නවෝත්පාදන හා නව තාක්ෂණයේ ප්‍රමුඛයින් දෙදෙනෙකු මෙන්ම අපේ රටේ මිනිසුන්ට පැහැබර අනාගතයක් නිර්මාණය කරදීම වෙනුවෙන් කැපවී සිටින ඩයලොග් ආසිආටා සහ සම්පත් බැංකුව විසින් බලගන්වන මේ වැඩපිළිවෙල පිළිබඳව අපිට දැඩි විශ්වාසයක් තිඛෙනවා. ඒ වගේම මේ ඉන්ධන අවසරපත හඳුන්වාදීමට සහාය වූ MIT, සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී සමාගම්වලටත් මම ස්තුතිවන්ත වෙනවා. සංචාරයට සුදුසු, ආගන්තුක සත්කාරයෙන් පරිපූර්ණ ශ්‍රී ලාංකිකයන් වන අප සැම ආදරය කරන අපේ මේ සුන්දර දිවයිනේ වටිනාකම මුළු ලෝකයට ම ප්‍රදර්ශනය කරන්න පුද්ගලයන් සහ සමාගම් වශයෙන් අපි සැවොම එකට එක්විය යුතුයි. ඒ වගේම ඊට දායක වෙමින් මේ අවස්ථාවට එක්ව සිටින හැමෝටම මගේ ප්‍රණාමය පුදකර සිටිනවා.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා \"අභියෝග ජයගෙන සංවර්ධන කටයුතු වේගවත් කරන ඩිජිටල් ක්‍රමවේද හඳුන්වාදීම වෙනුවෙන් පෞද්ගලික අංශය සමඟ එක්ව සහයෝගීත්වයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට වගේම සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයට ඔවුන් ගන්නා නිරන්තර උත්සාහයන් වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීමට හැකිවීම අපට සතුටක් වගේම ඉදිරියේදී මෙරටට සංචාරකයන් බහුලව පැමිණෙන කාලසීමාව වෙනුවෙන් කාලෝචිත පියවරක් වශයෙන් සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේ පාර්ශකරුවන් වන සම්පත් බැංකුවට, MIT, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට මම ස්තුතිවන්ත වෙනවා.\"

මෙම හවුල්කාරීත්වය පිළිබඳව සිය අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා,\"විදේශීය සංචාරකයින් වෙනුවෙන්ම හඳුන්වාදෙන නව ඉන්ධන අවසරපත සඳහා ඩයලොග් ආසිආටා පීල්සී සමාගම, සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සමඟ නිල බැංකු හවුල්කරු වශයෙන් ඊට සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳව සම්පත් බැංකුවේ අපි ඉතාමත් සතුටු වෙනවා. මෙම වැඩපිළිවෙල හරහා රටට විදේශ විනිමය රැගෙන ඒමට සමත්වනවා සේම දිවයිනට පැමිණෙන සංචාරකයින්ට කිසිදු අපහසුවකින් තොරව මෙරට තුළ සිය සංචාරයන් සිදුකිරීමට ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමක් ද සිදුවෙනවා. මෙවැනි අවිනිශ්චිත කාලසීමාවක වුවද අපේ රටට ශක්තියක් වීමට අපි උත්සාහයක නිරතවන බව සඳහන් කරන අතරම, අපේ රට යළි නගා සිටුවීමට උරදෙන මෙවැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීමට ලැබීම අප ලැබූ වරප්‍රසාදයක්.\"

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා මහතා අදහස් දක්වමින් \"සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය බලගැන්වීම වෙනුවෙන් සෙසු පාර්ශවකරුවන් සමඟ එක්ව මෙවැනි කාලෝචිත සංචාරක ඉන්ධන අවසරපතක් හඳුන්වාදීම වෙනුවෙන් අපගේ දායකත්වය ලබාදීමට හැකිවීම අපට මහත් ආඩම්බරයක්. සුන්දර නිවාඩුවක් ගත කිරීම සඳහා මේ දිවයිනට පැමිණෙන සංචාරකයන්ට ප්‍රායෝගික වගේම ඔවුන්ට භාවිතයට පහසු ඩිජිටල් ක්‍රමවේද සලසමින් ඔවුන්ට සුවපහසු අත්දැකීමක් සැලසීම අපට අභියෝගයක් වූවා සේම මහත් සතුටක්. සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීම වෙනුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සමඟ අත්වැල් බැඳගත් සියලූම ආයතනවලට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ක්‍රියාමාර්ගය හරහා අපේ රටේ අනාගත සංචාරක ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් උදාකරමින් නව දොරගුළු විවර කර රටේ ආර්ථීකය ඉහළ තලයකට ඔසවා තබන්නට හැකියාව හිමිවේ යැයි මම ප්‍රාර්ථනා කරනවා.\"

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා අදහස් දක්වමින් \"අතිතිදේවෝ භාව - අමුත්තා දෙවියන්ට ඉතා සමීප කෙනෙක්. දිවයිනට පැමිණෙන සංචාරකයින්ට මෙරට සියලූම ලංකා ඉන්දියන් ඔයිල් පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව තහවුරු කරන සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට, සම්පත් බැංකුවට වගේම ඩයලොග් සමාගමේ තාක්ෂණික හවුල්කරු වශයෙන් කටයුතු කළ Millennium IT ESP සමාගම යන ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙරට සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට නැවත වරක් දැඩි ඉල්ලූමක් ඇතිවී තිඛෙන අවස්ථාවක මෙරට සංචාරයේ නිරතවෙමින් සුන්දර නිවාඩුවක් ගත කිරීමට අදහස් කරන සංචාරකයන් වෙනුවෙන් සුදුසුම අවස්ථාවක මෙම සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීම සිදුවන බව අපේ විශ්වාසයයි.\"

\"රටේ ආර්ථීක අර්බුදයක් පැවතියද විදෙස් සංචාරකයන්ට මෙරටට පැම්ණිමට උනන්දු කරවමින් සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීමේ වැඩපිළිවෙලට අපට ද හවුල්වීමට හැකිවීම සතුටක්. මෙම ක්‍රියාවලිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, ඩයලොග් ආසිආටා පීඑල්සී, සම්පත් බැංකුව, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම වැනි පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සුංයෝගයෙන් සිදුවූ මහඟු කාර්භාරයක්. ජාතික අර්බුදයක් හැකිතාක් අවම කිරීම වෙනුවෙන් තාක්ෂණයට ඉක්මනින් විසඳුම් ලබාදීමේ හැකියාව පවතින බවට මෙය කදිම උදාහරණයක්.\" Millennium ESP සමාගමේ සමූහ ප්‍රධාන විධායක ශෙවාන් ගුණතිලක මහතා සඳහන් කළේය.

\"\"
සංචාරක ඉන්ධන අවසරපත නිල වශයෙන් හඳුන්වාදුන් අවස්ථාව

ඡායාරූපයේ වමේ සිට දකුණට: ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා මහතා, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා, Millennium ESP සමාගමේ සමූහ ප්‍රධාන විධායක ශෙවාන් ගුණතිලක මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ - නියෝජිත අයෝධ්‍යා ඉද්ද්වෙල පෙරේරා මහත්මිය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර මැතිතුමා, සංචාරක හා ඉඩම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමා, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.වී. චානක මැතිතුමා, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා, සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී සහ ලේකම් ලසන්ත සේනාරත්න මහතා.