පරිත්‍යාගශීලීන් හා උපකාර අවශ්‍ය අය සම්බන්ධ කරන Karuna.lk

Wednesday, 19 October 2022 - 13:50

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+Karuna.lk

සනාථ කරන ලද සුබසාධන අරමුණක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ්  අවකාශය ඩයලොග් පදනම විසින් එළිදක්වයි

පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ උදව් අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීමට කැමති පරිත්‍යාගශීලී  පාර්ශව ඒකරාශීකරගැනීමේඅරමුණින්  ඩයලොග්පදනමේ සවිබලයෙන්,ප්‍රධාන මෙහෙයුම්කාර පාර්ශවය වශයෙන් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ ස්වාධීන විගණන ආයතනය වශයෙන් PwC Sri Lanka යන ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අවකාශය  වන Karuna.lk එළිදක්වා තිබේ.මෙම වෙබ් අවකාශය යටතේ සනාථ කරන ලද විශ්වසනීය, ලාභ නොලබන ආයතන, සංවිධාන හා සමාජ සුබසාධන වැඩසටහන් පෙළගස්වා ඇත.

රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සමාජ වගකීමකින් යුතුව ශ්‍රී ලාංකේය ජන ජීවිත සවිබලගන්වමින් නඟාසිටුවීම අරමුණු කරගනිමින් මෙම කාලෝචිත වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ වෙනුවෙන් Karuna.lk හරහා ඉහළ අධීක්ෂණයකින්, විශ්වසනීයව හා ආරක්ෂාකාරී බවකින් යුතුව උපකාර අවශ්‍ය අය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. ලාභ නොලබන  ආයතන හා සංවිධානවලට මෙන්ම පුද්ගලයන්ට සත්‍යාපන ක්‍රියාවලියක් හරහා (Verification process) සමාජ සුබසාධන කාණ්ඩයක් යටතේ තම සුබසාධන වැඩසටහන / කාර්යය හෝ ව්‍යාපෘතිය Karuna.lkඔස්සේ ලියාපදිංචි කර ඉතාමත් පහසු සේවාවක් නොමිලේ  ලබාගැනීමේ හැකියාව තිබේ.

Karuna.lkඔස්සේ උපකාර අවශ්‍ය පාර්ශව සඳහා පරිත්‍යාග වශයෙන් ලැබුණු මූල්‍යාධාර යොදා ගැනුණු  ආකාරය පිළිබඳතොරතුරුඉතා පැහැදිලිව දැනගැනීමට අවස්ථාව සලසා ඇත.වෙබ් අඩවිය ඔස්සේ ලැයිස්තුගත කර තිබෙන සමාජ සුබසාධන කාර්ය සහ වැඩසටහන් කාණ්ඩ කිහිපයක් යටතේ පෙළගස්වා තිබේ. ඊට සෞඛ්‍ය සේවා, ප්‍රජා, අධ්‍යාපන, හදිසිසහන, පාරිසරික, ක්‍රීඩා, පිළිකා, සත්ව සුබසාධනය, ස්වේච්ඡා  සේවාවන්ඇතුළු කාණ්ඩ රැසක් අයත් වේ.Karuna.lkඔස්සේ දැනට රජයේ අනුමැතිය හිමිවූ  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන,රතු කුරුස සංවිධානයේ ව්‍යාපෘති, SOS ගම්මාන, Heart to Heart Trust Fund, PRDA, සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය, Child Action Lanka, මනුදම් මෙහෙවර ඇතුළු තවත් සමාජ සුබසාධන වැඩසටහන් හා ව්‍යාපෘති ලැයිස්තුගත කර ඇත. පරිත්‍යාගශීලීන්ට වෙබ් අඩවියට පිවිස තම හදවතට සමීප ඒ වගේම තමන් පරිත්‍යාගයකින් දායකවීමට කැමති සුබසාධන වැඩසටහනක් හෝ ව්‍යාපෘතියක් තෝරාගෙන Credit හෝ Debit කාඩ්පත් භාවිතයෙන් (Master හෝ Visa), eZ Cash, Dialog Add-To-Bill, Star Points, හෝ  සෘජු බැංකු හුවමාරුවක්  වැනි ගෙවීම් ක්‍රම  රැසක් අතරින් තමන්ට පහසු ගෙවීම් ක්‍රමයක් තෝරා ගනිමින් අනුග්‍රහය දැක්විය හැකිය.

ඩයලොග්ආසිආටාපී.එල්.සීහි සමූහ  ප්‍රධානවිධායකසුපුන්වීරසිංහමහතාඅදහස්දක්වමින් “Karuna.lk වෙබ් අඩවිය  දියත් කිරීමට හැකිවීම ඩයලොග් පදනමට මහත් සතුටක් වගේම මෙය අපට ලැබුණු සුවිශේෂී වරප්‍රසාදයක් හැටියටයි මම දකින්නෙ. කෑම වේලක් අවශ්‍ය කෙනෙකුට එය ලබාදීම වෙනුවෙන් මුල්‍යමය පරිත්‍යාගයක් කිරීම, දරුවෙකුගේඅධ්‍යාපන අවශ්‍යතාවයකටඋපකාරකිරීම, ශ්‍රීලංකාවේස්වභාවිකසම්පත්  ආරක්ෂාකිරීමවැනි සුබසාධන වැඩසටහන් සඳහා උපකාරකිරීමටකැමති,  උපකාරඅත්‍යවශ්‍යඅයට  Karuna.lk විශ්වාසවන්ත  වේදිකාවක්  වනුඇති. වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු වශයෙනුත්, මිලියන 17 කටත්වැඩි  ශ්‍රීලාංකිකයන්ගේවිශ්වසනීයඩිජිටල්සහකරුවශයෙනුත්  Dialog  සමාගමශ්‍රීලාංකිකයින්ගේජීවිතසවිබලගන්වමින් නගාසිටුවීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කර තිබෙනවා.ඔක්තෝම්බර්මාසයේදීDialog පදනමසිය 10 වෙනි සංවත්සරය සමරනවා.මේ හා සමගාමීවKaruna.lk දියත්කිරීමට හැකිවීමමෙමඅවස්ථාවට කරන හොඳම උපහාරය හැටියට මම දකිනවා.

Karuna.lk හඳුන්වාදීමේඅවස්ථාවටසම්බන්ධවූසර්වෝදයශ්‍රමදානව්‍යාපාරයේසභාපතිවෛද්‍යවින්‍යාආරියරත්න මෙලෙසඅදහස් දක්වන ලදී. “Dialog සමාගම සහ  Dialog පදනම සමඟ  සම්බන්ධවීමට හැකිවීම පිළිබඳවසර්වොදය ශ්‍රමදාන ව්‍යාපාරයේ අපි අතිශයින්මසතුටු වෙනවා.ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දයානුකම්පාවෙන් සහ කාරුණිකබවින් ඉතාම පොහොසත්.  Karuna.lkඔස්සේ යම් සුබසාධන වැඩසටහනක් හෝ ව්‍යාපෘතියක් වෙනුවෙන් කටයුතු කරන ආයතනයකට හෝ සංවිධානයකට මේ වේදිකාව ඔස්සේ තම අරමුණ/ සුබසාධන කාර්ය වෙනුවෙන් ඉදිරිපත්වෙමින් ඒ වෙනුවෙන් උපකාර කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකුට ඒ සඳහා විශ්වාසයෙන් දායකවිය හැකි අවස්ථාවකුත් සලසා දී තිබෙනවා.  Karuna.lk සඳහා ප්‍රධාන මෙහෙයුම් පාර්ශවය ලෙස කටයුතු කරන සර්වෝදයශ්‍රමදානව්‍යාපාරය මේ වෙනුවෙන් ලැබෙන ඉල්ලීම්  සුපරික්ෂාකාරීව සලකා බලා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගනිමින් කටයුතු කිරීමට ඉදිරිපත්වී සිටින්නේ මහත් සතුටකින්. වසර 60 ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙහෙවරක යෙදෙමින් අප ලද අත්දැකීම් අනුව මෙවැනි කාලෝචිත වැඩසටහනකට අපගේ උපරිම සහාය ලබාදෙමින් එය සාර්ථක කරගැනීමට අපගේ දායකත්වය ලබාදිය හැකි වන බවට දැඩි විශ්වාසයක් තිබෙනවා.”

PwC Sri Lanka ආයතනයේ හවුල්කරු ලෙස කටයුතු කරනතිවංක ජයසිංහ මෙලෙස සඳහන් කළේය.”ශ්‍රී ලංකාව ඉතාමත්ම අසීරු අවස්ථාවකට මුහුණදෙමින් සිටිනවා.බොහෝ අයට තම එදිනෙදා අවශ්‍යතා ඉටුකරගැනීම අතිශයින්ම දුෂ්කර වී තිබෙනවා.ජනතාවට උපකාර අවශ්‍ය වූ සෑම අවස්ථාවකදීම ඩයලොග් සමාගම ඒ වෙනුවෙන් පෙරට පැමිණ කටයුතු කළ ආකාරය අපි අත්දැක තිබෙනවා.ඒ වගේම Dialog පදනමේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන  Karuna.lkව්‍යාපෘතිය මගින් විශාල පරිත්‍යාගශීලීන් පිරිසකගේ දායකත්වය හිමිවී උපකාර අවශ්‍ය අයට සහන සැලසෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.මේ ව්‍යාපෘතියේ විගණකරු වශයෙන් කටයුතු කරමින් මේ සඳහා පරිත්‍යාගයෙන් ලැබුණු මූල්‍යාධාර සත්‍යාපනය කර ඒ සම්බන්ධයෙන් නිසි විගණනයක් කළ පසුව සුදුසුම ප්‍රතිලාභීන්ට ලබාදීමට සැලැස්වීමේ කාර්යයට දායකවීමට ලැබීම අප ලද භාග්‍යයක්. මේ වැඩසටහන තුළින් පරිත්‍යාගයෙන් දායකවීමට කැමති පිරිසගේ උනන්දුව වැඩි වී ඒ තුළින් ජනතාවට  විශාල සෙතක් සැලසෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

වැඩි විස්තර දැනගැනීමට www.karuna.lkවෙත පිවිසෙන්න.

\"\"

\r\n
\r\n

(වමේ සිට දකුණට) : Pwc Sri Lanka ආයතනයේ සාමාජික තිවංක ජයසිංහ, ආසිආටා බර්හාඩ් සමූහයේ, විදුලි සංදේශ පිළිබඳ සමූහ ප්‍රධාන විධායක නිලධාරී  සහ සමූහ විධායක උප සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය, සර්වොදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ Karuna.lk  සනාථ කරන ලද සුබසාධන අරමුණක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අවකාශය  නිල වශයෙන් එළිදක්වමින්.