රයිගම් ටෙලීස් - ජාතියේ ටෙලි සම්මාන 2022, 19 වැනි සම්මාන උළෙල

Saturday, 25 February 2023 - 18:30

%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+2022%2C+19+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD
දිවයිනේ ප්‍රසිද්ධ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම විසින් 2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් උළෙල මේ වනවිට දිවයිනේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ආකර්ෂනීයම සම්මාන උළෙල ලෙස අඛණ්ඩව වර්ෂ 18ක් ඉතා සාර්ථකව පවත්වා ඇත.

විශේෂයෙන්ම නිර්මාණ විනිශ්චයේදී ඉහල ගුණාත්මක භාවයක් රඳවා ගැනීම, සෑම විටම නව්‍යකරනයෙන් යුත් සම්මාන උළෙලක් පැවැත්වීම සහ වැඩිම නාලිකා සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කිරීම මෙන්ම සමාජ මාධ්‍ය තුළ ඉහල අවධානයක් දිනාගැනීම වැනි හේතුන් මෙම තත්ත්වය කෙරෙහි බලපාන ලද ප්‍රධාන සාධක වේ.

රයිගම් ටෙලීස් - දේශීය සම්මාන උළෙල සංස්කෘතියට නවාංග හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක නියැලී ඇත.
විශේෂයෙන් ජාත්‍යන්තර උළෙල සංස්කෘතිය හා යමින් ප්‍රධාන උළෙලට පෙරාතුව නිර්දේශිත නාම ප්‍රසිද්ධකිරීම ප්‍රථම වරට 2013 වසරේදී හඳුන්වා දුන්නේ රයිගම් ටෙලීස් වන අතර, සිය`ඵ නිර්දේශලාභීන්ට වටිනා රක්‍ෂණ ප්‍රතිලාභයක් සමග සම්මානලාභීන්ට ඉහල මුදල්ත්‍යාගයන් පිරිනමන ලද්දේ ද රයිගම් ටෙලීස් විසිනි.

උළෙල සඳහා ඉදිරිපත්වන සිය`ඵ නිර්මාණ නිපුණ හා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්කෙරේ. මෙවර විනිසුරු මඩුල්ලේ සභාපතීත්වය දරන්නේ බුද්ධදාස ගලප්පත්ති මහතා විසිනි.

රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය

බුද්ධදාස ගලප්පත්ති මහතා
මහාචාර්ය රෝහිනී පරණවිතාන රංග දසනායක මහතා
හංසමාලා රිටිගහපොල මහත්මිය සමන් වික්‍රමාරච්චි මහතා
ජයනාත් ගුණවර්ධන මහතා චම්මින්ද වෙලගෙදර මහතා
අරුණ ගුණරත්න මහතා අබ්දුල් හමීඩ් මහතා


සම්මාන කුලක හතක් සහ උළෙල දෙකක්

වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ප්‍රධාන උළෙලයන් දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල - Nomination Evening සහ අවසාන සම්මාන රාත්‍රියයි.

ජුරියේ සම්මාන
ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
ජනප්‍රිය සම්මාන
ජනගත සම්මාන
ප්‍රණාම සම්මාන
රූපවාහිනී නාලිකා ඇගයීම

ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උළෙල පිළිබඳ යාවත් කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) ද ක්‍රියාත්මක වේ

නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල

ඔස්කා වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙල වල ආභාෂයන් දේශීය සම්මාන උළෙල සඳහා ද යොදා ගනිමින් අවසාන සම්මාන රාත්‍රියේදී සම්මාන සඳහා නිර්දේශීත නාමයන් කලින් ප්‍රකාශ කිරීමේ උළෙලක් ප්‍රථම වරට හඳුන්වා දෙන ලද්දේ රයිගම් ටෙලීස් විසිනි. යම් කලා නිර්මාණයක් හෝ හැකියාවක් ඇගයීම ගුණාත්මක තීන්දුවක් වන අතර සමහර විටකදී නිර්දේශිතයන් තිදෙනාම එක හා සමාන දක්‍ෂයන් විය හැකිය. සම්ප්‍රදායික සම්මාන උළෙල වලදී සිදුවන්නේ එක් තැනැත්තෙක් පමණක් සම්මානය ලැබීමත් අනෙක් දෙදෙනාගේ දක්ෂතා නම් සඳහන් කිරීමකට පමණක් සීමා වීමයි.

රයිගම් ටෙලීස් මෙම තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශලාභීන් විශේෂිත උළෙලකට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල හඳුන්වා දෙන ලදි. මෙහිදි සෑම නිර්දේශිතයෙකු සඳහාම එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්‍ෂණයක් තිළිණ කෙරේ.

මීට අමතරව ඔවුන්ගේ හැකියාව අගය කිරමින් වටිනා සහතිකයක්ද නිකුත් කරනු ලැබේ.

මෙවරද සියලු නිර්දේශලාභීන්ට හිමිවන වරප්‍රසාද වලට අමතරව, රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 30 ක් ඉක්මවන මුදල් ත්‍යාග පිරිනැමේ.

මෙවර නිර්දේශිත නාම සන්ධ්‍යාව පෙබරවාරි මස 24 වන දින සවස 6.30 ට බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේදී පැවැත්වුණා.

පසුගිය වසර 12 මුළුල්ලේ සම්මාන උළෙලේ සම හවුල්කාරීත්වය දරන්නේ සම්පත් බැංකුව.

නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙලේ පූර්ණ අනුග්‍රාහකත්වය දරන්නේ එස් එල් ටී මොබිටෙල්.

උළෙලේ තාක්‍ෂණ සහය ඉමැජින් එන්ටර්ටේන්මන්ට් වෙතිනි. නිර්දේශලාභීන් සඳහා රක්ෂණ ආවරණ තිළිණ කරන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.