ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම ජෛව පොහොර නිෂ්පාදනාගාරය විවෘත වෙයි

Thursday, 09 March 2023 - 16:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%A2%E0%B7%9B%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හොරණ මිල්ලෑවේ පිහිටි ලංකා බයෝ ෆර්ටිල්යිසර් පුද්ගලික සමාගමෙහි නවතම කර්මාන්තශාලා පරිශ්‍රය වර්ග අඩි 40,000කින් යුතු, නවීන තාක්ෂණයෙන් සමන්විත වන අතර වාර්ෂිකව ජෛව පොහොර ලීටර මිලියනයක නිෂ්පාදන ධාරිතාවයකින් යුක්තය. එහි නිෂ්පාදන කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය.

පේටන්ට් බලපත්‍රයක් හිමි බයෝෆිල්ම් ජෛව පොහොර තාක්ෂණය, 100% ස්වභාවික, යුරෝපීය තත්ත්වයන්ට අනුකූලව කාබනික බවට සහතික කළ හා පරිසර හිතකාමී අද්විතීය නිෂ්පාදන සංකල්පයකි. මෙම ජෛව පොහොර මඟින් රසායනික පොහොර භාවිතය 30% දක්වා අඩු කළ හැකි බවට තහවුරු කර ඇත. බයෝෆිල්ම් ජෛව පොහොර තාක්ෂණය ලොව ප්‍රථම වරට සොයාගත් නව නිපැයුමක් වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන මහනුවර ජාතික මූලික අධ්‍යන ආයතනයේ විද්‍යඥයින් වසර පහළොවකට අධික කාලයක් පුරා කල පරීක්ෂණයන් හි ප්‍රතිඵලයක් ලෙස එළිය දුටුවකි. 2014 වසරේ සිට ලංකා බයෝෆර්ටිලිසර්ස් පුද්ගලික සමාගම ජාතික මූලික අධ්‍යන ආයතනය සමඟ රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය මත මෙම ජෛව පොහොර නිෂ්පාදනය කරයි.

උත්සව සභාව අමතමින් ලංකා බයෝ ෆර්ටිල්යිසර් පුද්ගලික සමාගමේ කළමනකරණ අධ්‍යක්ෂක සමුදිත කුමාරසිංහ මහතා පවසා සිටියේ 2022/23 මහ කන්නයේ දිවයින පුරා කුඹුරුඅක්කර 250,000 කට වඩා වැඩි වපසරියකින් බයෝෆිල්ම් ජෛව පොහොර භාවිතයෙන් වී වගාව ඉතා සාර්ථකව සිදු කර ඇති බවත් වසර නවයකට පෙර මෙම ව්‍යපෘතිය ආරම්භයේ සිටම පවත්වාගෙන ගිය දියුණු තාක්ෂණය හා පොහොර වල ඇති ගුණාත්මක බව නිසා ගොවීන් අතර මෙම ජෛව පොහොර විශේෂය සඳහා පුළුල් පිලිගැනීමක් ලබා ගැනීමට හැකියාව ලැබුණු බවයි. තවදුරටත් කරුණු දැක්වූ කුමාරසිංහ මහතා සඳහන් කර සිටියේ මෙම බයෝෆිල්ම් ජෛව පොහොර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී වගාව සඳහා නිර්දේශ කර ඇති එකම  ජෛව පොහොර විශේෂය වන අතර බයෝෆිල්ම් ජෛව පොහොර නිෂ්පාදන තේ, එළවළු හා බඩඉරිඟු වගාවන් සඳහා ද නිෂ්පාදනය කෙරෙන බවයි.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා, ජාතික මූලික අධ්‍යන ආයතනයේ සභාපති මහාචාර්ය අතුල සුමතිපාල මහතා, ජාතික මූලික අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂක සාලුක කොඩිතුවක්කු මහතා සහ බයෝෆිල්ම් ජෛව පොහොරතාක්ෂණයේ නිර්මාතෘ ජාතික මූලික අධ්‍යන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා ද මෙම උත්සව සභාවට සහභාගී විය.

\"\"

\"\"

\"\"