‘නේචර්ස් සීක්‍රට්ස්’ ශ්‍රී ලංකාවේ ඉහළම පාරිසරික සම්මානය දිගින් දිගටම රනින් දිනා ගනියි

Thursday, 25 May 2023 - 18:13

%E2%80%98%E0%B6%B1%E0%B7%9A%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%99+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7%E0%B6%B8+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
පරිසර සංරක්‍ෂණය හා එහි තිරසාරභාවය උදෙසා අඛණ්ඩව සහ සක්‍රීයව දායක වන ‘නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය’ 2021-2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකාවේ ඉහළම පාරිසරික සම්මානය සදහා පැවැත්වූ ජනාධිපති පරිසර සම්මාන උලෙළහිදී නැවත වරක් රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ සමගම අප මෙම රන් සම්මානයෙන් ඇගයීමට ලක් වූ ප්‍රථම හා එකම රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම බවට පත්විය.

අප මෙරට උරුමයක් ලෙස සැලකිය හැකි අපේම රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් ලොවට හඳුන්වා දෙන්නේ මුළුමනින්ම දේශීය ආයතනයක් ලෙසින් හා ‘නේචර්ස් සීක්‍රට්ස්’ අභිමානවත් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සන්නාමයක් ලෙසිනි. එමෙන්ම ජාතික පාරිසරික සම්මාන උලෙළකදී ඇගයීමට ලක් වූ සහ රන් සම්මානය දෙවරක් දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම ලෙස අප ඉතිහාසයට එක්ව අවසන් ය. එම නිහතමානී ආඩම්බරයේ සැබෑ හිමිකරුවා, අප පමණක් නොව පාරිභෝගික ඔබද බව නොකිව මනා ය. නේචර්ස් බියුටි ක්‍රීයේෂන්ස් ඉහළම තත්ත්වයේ, අන්තර්ජාතික මට්ටමේ සෞඛ්‍යාරක්ෂිත රූපලාවන්‍ය නිෂ්පාදන පාරිභෝගිකයාට තිළිණ කරන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හරිත පරිසරයක, පරිසර හිතකාමී පසුබිමක සිටය.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් පිරිනමන ‘ජාතික හරිත සම්මාන’ ආරම්භ කළ 2011 වසරේ සිටම සම්මානයන් ලැබූ එකම රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනය වන අප 2013-2014 වර්ෂවලදී එහි ඉහළම සම්මානය වන රන් සම්මානය දිනා ගන්නා ලදී. ‘ජාතික හරිත සම්මාන’ කොන්දේසි ප්‍රකාරව ඊට නැවත අයදුම් කිරීමට අවකාශ ලැබෙන්නේ වසර තුනකට පසුවය.

පසුගිය කාලයේ මෙරට උද්ගත වූ තත්ත්වයන් මත වසර දෙකක කාලයක් මෙම සම්මාන උලෙළ නොපැවැත්වූ අතර ඉන් පෙර සම්මාන උලෙළ පැවැත්වූ ඇතැම් වසරවල මෙම අංශය සඳහා රන් සම්මාන නිර්දේශ වී නැත. ඉන්පසු ‘ජාතික හරිත සම්මාන උලෙළ වෙනුවට 2021-2022 වර්ෂ සඳහා පවත්වන ලද්දේ ‘ජනාධිපති පරිසර සම්මාන’ උලෙළ වන අතර නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය 2013-2014 වර්ෂවලට පසුව නැවතත් හරිත සම්මානය සඳහා අයදුම් කරන ලද ප්‍රථම අවස්ථාවේදීම එහි ඉහළම සම්මානය වන රන් සම්මානය දිනා ගැනීමට හැකිවීම මගින් පැහැදිලි වන්නේ ‘ලොව වඩාත්ම පරිසර හිතකාමී රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනය’ බවට පත්වීමේ දැක්මෙන් යුතුව ක්‍රියා කරන අපල ඒ කීර්තිය මෙරටට ලබාදීම සඳහා තුඩුදෙන පාරිසරික ප්‍රතිපත්තියක පිහිටා සිදුකරන සමස්ත ක්‍රියාවලියේ ගුණාත්මකභාවයයි.

නේචර්ස් සීක්‍රට්ස් පාරිසරික ප්‍රතිපත්තිය
අප ආයතනය ආරම්භයේ සිට පුළුල් පරිසර හිතවාදී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරගෙන යන අතර ඒ අනුව කාබන් විමෝචනය සීමා කිරීමට ‘කාබන් ඍණ සංකල්පය’ ප්‍රතිපත්තියක් ලෙස පවත්වා ගනියි. අක්කර දහතුනක් පුරා පැතිරුණු ආයතනික පරිසර සීමාවේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයක් සතු විශාලතම ඖෂධ උද්‍යානය බිහිකර එහි ඖෂධීය මෙන්ම වටිනා ශාක විශේෂ 800ක් පමණ වගා කර ඇත. එමගින් දුර්ලභ, ඒකදේශීය සහ තර්ජනයට ලක්වූ ඖෂධ ශාක රැසක් සංරක්ෂණය කර ඇත. තවද ‘සිරිලක ඔසු උයනක් කරමු’ සංකල්පය යටතේ 2020-2025 කාලසීමාව තුළ ඖෂධ පැළ ලක්ෂයක් පරිසරයට දායාද කිරීම අපේ අභිලාෂ අතර පෙරමුණේ පසුවේ. මෙම කටයුතු ආයතනයේ ස්ථාපිත කෘෂිකර්ම පර්යේෂණ අංශය මගින් සිදුවන අතර එමගින් රජයේ ආයතන සහ නැවත වන වගා ව්‍යාපෘති සඳහා ඖෂධ පැළ විශාල ප්‍රමාණයක් මේ වන විටත් නිකුත් කර ඇත.

තිරසාර කසළ කළමනාකරණය

මෙරට දැවෙන ප්‍රශ්නයක් ලෙස සැලකෙන කසළ බැහැර කිරීම අප ආයතනය කිසිදු ගැටලූවකින් තොරව හොඳින් කළමනාකරණය කර ඇත. අප ආයතනයේ ඉවතලන කසළ වර්ගීකරණය කර ඒවා ජීව වායු නිපදවීමටත්, කොම්පොස්ට් නිපදවීමටත් ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය සඳහාත් යොමු කෙරේ.

අපජල කළමනාකරණය හා ජල සංරක්ෂණය

අප ආයතන පරිශ්‍රය ජල සංරක්ෂණ සහ අපජලය මුදාහැරීම වෙනුවෙන් ආරම්භයේ සිටම විශිෂ්ට යාන්ත්‍රණයක් නිර්මාණය කර ඇත. සම්මත පිරිපහදුකරණ ක්‍රියාවලිය හේතුවෙන් අපජලය මනාව පිරිපහදු වේ. එමෙන්ම වැසි ජලය එක්රැස් කර ඒවා පොකුණු ජාලයක් වෙත මුදාහැරීමේ ක්‍රමානුකූල වාරි පද්ධතිය නිසා, ජලය අපතේ යාමක් සිදු නොවන අතර පරිශ්‍රයේ ඖෂධ උයනට අවශ්‍ය ජල අවශ්‍යතා සැපිරීමටද භූගත ජල මට්ටම ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීමටද හැකිවී ඇත. ප්‍රදේශවාසීන්ගේ ජල උල්පත් සංරක්ෂණයටද මෙමගින් දායක වී ඇත.

ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය

ඉවතලන කඩදාසි පුලූස්සා දමා පරිසරයට කාබන් නිකුත් කිරීම වෙනුවට, කඩදාසි ප්‍රතිචක්‍රීකරණයත්, එම කඩදාසි, ඇසුරුම් නිෂ්පාදනය සඳහා ග්‍රාමීය කුඩා කර්මාන්තකරුවන් හට ලබාදීම මගින් ග්‍රාමීය ජනතාව සවිබල ගන්වා චක්‍රීය ආර්ථිකයකට දායක වී ඇත. වසංගතයක් බවට පත්ව ඇති ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් තිරසාර පරිසර ආරක්ෂණයකට මග පාදා ඇත.

තවද අප සතුව ඇති අති නවීන යන්ත්‍ර සූත්‍ර ඨඵඡු :යහපත් නිෂ්පාදන ක්‍රියාවලිය* ප්‍රමිතිය උසස් මටට්මින් පවත්වා ගනිමින් ෂීධ 9001ල ෂීධ 14001 හා ෂීධ 22716 ප්‍රමිතීන් යාවත්කාලීනව පවත්වා ගනිමින්, බලශක්ති පරිභෝජනය අවම කරගනිමින් පවත්වා ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් වේ.

ලාභය පමණක් අරමුණු කර නොගෙන හොඳම දේ ඔබට තිළිණ කරන අප, එම නිෂ්පාදන මිලදී ගන්නා ඔබ, මෙරට ගොවීන්, කුඩා කර්මාන්තකරුවන් මෙන්ම පරිසරයද ආරක්ෂා කිරීමට නිරතුරුවම හවුල් වී ඇති බවත් ගෞරවයෙන් සිහිපත් කරමු. අප ශ්‍රී ලංකා සෞඛ්‍ය හා ඵලදායිතා රන් සම්මානය, හොඳම ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන අපනයනකරුවා සහ විශිෂ්ටතම ව්‍යවසායකයා වැනි සම්මාන දිනා ඇත්තේද ඉදිරිපත් වූ සෑම අවස්ථාවකම නොකඩවා ඉහළම හරිත රන් සම්මාන දිනා ඇත්තේද සොබාදහමට සමීපව තත්ත්වයෙන් ඉහළ, විශිෂ්ට නිෂ්පාදන ඔබ වෙත ගෙන එන අසමසම නිෂ්පාදන ආයතනයක් ලෙසිනි.