රයිගම් වයඹ සෝල්ටන්ස් පී එල් සී 2022/2023 සමූහ බදු පසු ලාභය (විගණනයට පෙර) 101% කින් ඉහළට

Wednesday, 07 June 2023 - 19:34

%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B7%83%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%93+2022%2F2023+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%29+101%25+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ලූණු නිෂ්පාදන ක්‍ෂේත්‍රයට සම්බන්ධ එකම සමාගම වන රයිගම් වයඹ සෝල්ටන්ස් පී එල් සී, ඉතිහාසයේ ලැබූ විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල සහ පසුගිය වර්ෂයට සාපේක්‍ෂව ඉතා විශිෂ්ට වර්ධනයක් 2022/23 මූල්‍ය වර්ෂයේදී වාර්තා කර ඇති බව ඉතා සතුටින් නිවේදනය කර සිටී. මෑතකදී ප්‍රසිද්ධ කරන ලද 2022/2023 මූල්‍ය වර්ෂයට අදාල (විගණනය නොකළ* මුල්‍ය ප්‍රකාශන මගින් මෙම තොරතුරු අනාවරණය වේ.

\"\"

අපේ රටේ මේස ලූණු ඇතුළු අගය එකතු කළ ලූණු නිෂ්පාදන වෙළඳපොල ඉන්දියානු සැපයුම්කරුවන් කිහිප දෙනෙකු විසින් අත්පත් කරගෙන තිබූ යුගයක එනම් වර්ෂ 2005 දී එම වෙළඳපොල තත්ත්වය වෙනස් කර දේශීය ව්‍යවසායක් වශයෙන් අතට ගෙන එහි ප්‍රතිලාභ සමාගමටත් පොදුවේ රටටත් ලබාගැනීම සඳහා රයිගම් වයඹ සෝල්ටන් සමාගම, රයිගම් සමූහ සමාගමේ පාළිත සාමගමක් ලෙස බිහිවිය. ලූණු නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලූ හිතකර සාධක පැවතියද ආනයනික ලූණු මත යැපීම කණගාටුදායක කරුණක් විය. රට වටකර පවතින කරදිය වළල්ල සහ උණුසුම් දේශගුණය ලූණු නිෂ්පාදනයට හිතකර වනවා මෙන්ම වෙනස්වන පාරිභෝගික රුචිය අනුව ගැලපෙන නිෂ්පදාන වෙළඳපලට හඳුන්වාදීමෙන් එය ජයගත හැකි බව කල්තියා හඳුනාගත් රයිගම් ඒ සඳහා පිළියෙල කළ කෙටි කාලීන හා දීර්ග කාලීන උපක්‍රමික සැලසුම් මත ගමන් කරමින් සියළු අභියෝග ජයගෙන තම සිහිනය සැබෑකර ගැනීමට මේ වන විට සමත්වී ඇත.

මෙම සමාගම 2010 වර්ෂයේදී කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත කරමින් වයඹ සෝල්ටන්ස් පී එල් සී බවට පත්වන්නේ මේ රටේ පොදු ජනතාවට මෙම වැදගත් ව්‍යාපාරයේ කොටස්කරුවන් වීමේ අවස්ථාව උදාකරමිනි. කොටස් මිලියන 8 ක් වූ මූලික කොටස් නිකුතුවේදී එක් කොටසක මිල රු.2.50 ලෙස නියම කළ අතර එමගින් අවම දායකත්වය වූ රු.2,500/- ක ආයෝජනයකින් ඕනෑම කෙනෙකුට සමාගමේ කොටස් හිමියකු වීමේ අවස්ථාව ලැබුණි. මෙම වකවානුව තුළ කොටස් වෙළඳපොලේ පැවති ප්‍රබෝධය රයිගම් වයඹ සෝල්ටන් කොටස් නිකුතුවට 20 ගුණයක අයදුම්පත් ලැබීමට තරම් ශක්තිමත් විය. කලින් කලට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොලේ කොටස් මිල ගනන් දැඩි උච්ඡාවචනයන්ට ලක් වූවද, රයිගම් වයඹ සෝල්ටන් කොටස් සඳහා වන වෙළඳපල මිල ශක්තිමත්ව පැවති අතර යහපත් මූල්‍ය ප්‍රතිඵල, ශුද්ධ වත්කම් පදනම සහ පිළිගත් කළමණාකරන පරිචයන් ඔස්සේ ස්වාභාවික හා ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගන්නා ලදි.

2022/2023 මූල්‍ය වර්ෂය අවසානයේදී රයිගම් වයඹ සෝල්ටන්ස් කොටසක වෙළඳපල මිල රු.6.90 වූ අතර ඊට සාපේක්‍ෂව කොටසක ශුද්ධ වත්කම් රු.7.88 ක් වශයෙන් ඉතා ශක්තිමත් මට්ටමක පැවතිණි.

සමාගම් සමූහයේ මෙහෙයුම් කටයුතු


රයිගම් වයඹ සෝල්ටන්ස් පී එල් සී, සමූහයේ පාලක සමාගම වන අතර සදර්න් සොල්ට් ප්‍රයිවට් ලිමිටඞ්, සහ රයිගම් වයඹ සීරීයලස් ප්‍රයිවට් ලිමිටඞ් නමින් සම්පූර්ණයෙන් අයිති පාලිත සමාගම් 2 ක් මෙම සමූහයට ඇතුළත් වේ.

\r\n
සමාගමේ ප්‍රධාන නිෂ්පාදන පහසුකම් එනම්, මේස ලූණු පවිත්‍රාගාරය, රික්ත වියලි ලූණු :ඡුමරු ඪ්ජමමප ෘරසැා* නිෂ්පාදනාගාරය සහ අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා වන ලූණු ලේවායක් පුත්තලම් දිස්ත්‍රික්කයේ පලාවිය ප්‍රදේශයේ පිහිටා ඇත. මෙහි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ලූණු සමාගමට අයත් ලේවායෙන් මෙන්ම රයිගම් සමූහයේ ආශ්‍රිත සමාගමක් වන සී/ස පුත්තලම් ලූණු සමාගමෙන් සහ පුත්තලම ප්‍රදේශයේ සුළු පරිමාණ ලූණු නිෂ්පාදකයන්ගෙන් සපයා ගනු ලැබේ. මෙහි නිෂ්පාදිත විවිධ වර්ගවලට අයත් ලූණු නිෂ්පාදන දිවයිනේ බටහිර සිට උතුරු කලාපය දක්වා අඩු ප්‍රවාහන වියදමකින් ඍජුවම බෙදාහරිනු ලැබේ.

සදර්න් සොල්ට් සමාගමේ ලූණු නිෂ්පාදනාගාරය ශ්‍රී ලංකාවේ ලූණු කර්මාන්තය සඳහා ප්‍රචලිත හම්බන්තොට දිස්ත්‍රික්කයේ බට-අත ප්‍රදේශයේ පිහිටා ඇත. ඊට බට-අත කර්මාන්ත පුරයේ පිහිටුවා ඇති කර්මාන්ත ශාලාව මෙන්ම යාබද ලේවාය ද ඇතුලත් වේ. සමාගමට අයත් ලේවායෙන් ලබා ගන්නා ලූණු අස්වැන්න සම්පූර්ණයෙන්ම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නා අතර කලින් කලට වෙනස් වන ලූණු අස්වැන්න සහ ඉල්ලූම පදනම් කරගෙන අවශ්‍ය වන අතිරේක යෙදවුම් බාහිර පාර්ශවයන්ගෙන් සපයා ගනු ලැබේ. මෙහි නිෂ්පාදන දකුණ සහ ඌව පලාත් වලට අඩු වියදමකින් සෘජුවම ප්‍රවාහනය කරන අතර වෙනත් නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ මේස ලූණු තොග වශයෙන් සැපයීමද මෙම කර්මාන්ත ශාලාව මගින් සිදුකෙරේ.

තම ව්‍යාපාරික කටයුතු විවිධාංගීකරනය කිරිමේ වැඩ පිළිවෙල යටතේ 2021/2022 මුල්‍ය වර්ෂයේදී රයිගම් වයඹ සිරීයල්ස් ප්‍රයිවට් ලිමිටඞ් උප සමාගම පිහිටවූ අතර එමගින් නැණපෝෂ සන්නාමය යටතේ උදෑසන ධාන්‍යමය ආහාර නිෂ්පාදනය කිරීම සිදුවේ. මේ වන විට නැණපෝෂ ඉතා සාර්ථක ලෙස තම වෙළඳපල කොටස ස්ථාපනය කරගනිමින් සිටී. මෙම ව්‍යාපෘතිය යටතේ අංගසම්පූර්ණ නිෂ්පාදනාගාරයක් සහ ධාන්‍ය ගබඩාවක් කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාපනය කර ඇත. ප්‍රෝටීන් බහුල පිසූ ආහාරයක් වන නැණ පෝෂ දේශීයව සපයා ගන්නා සෝයා බෝංචි, බඩ ඉරිඟු, මුංඇට සහ සහල් යන ධාන්‍ය වල සංකලනයෙන් නිෂ්පාදනය කෙරේ. අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කරන ධාන්‍ය සැපයුම හා ඒවායේ ප්‍රමිතිය තහවුරු කිරීම උදෙසා රයිගම් වයඹ සීරියල්ස් විසින් ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ගොවි ජනතාව සම්බන්ධ කරගෙන විශාල කෘෂිකාර්මික ව්‍යාපාරයකට උරදී සිටී. මෙම යෝජනා ක්‍රමය යටතේ සහතික මිලක් යටතේ කෘෂිකාර්මික අස්වැන්න මිලදී ගැනීම සඳහා ගොවිජනතාව සමඟ ඉදිරි මිලදී ගැනීම් ගිවිසුමකට එළඹෙන අතර අවශ්‍ය කෘෂිකාර්මික යෙදවුම් ණය පදනමට සපයනු ලැබේ. තවද සුදුසුකම් ලත් ක්‍ෂේත්‍ර නිලධාරී කණ්ඩායමක් මගින් වගා කටයුතු සඳහා උපදෙස් හා නිසි මග පෙන්වීම ලබාදේ. මේ වන විට මෙම යෝජනා ක්‍රමය යටතේ ගොවි පවුල් 1200 ක් ප්‍රතිලාභ ලබයි.

ශ්‍රී ලංකාවේ පිහිටි එකම රික්ත වියලි ලූණු :ඡුමරු ඪ්ජමමප ෘරසැා* නිෂ්පාදනාගාරය රයිගම් වයඹ සෝල්ටන්ස් සමාගමට අයත් වන අතර එමගින් නිෂ්පාදනය කරන මේස ලූණුවල පිරිසිඳුභාවය 100% ක් සහතික කරන අතර එය ඉහළ මට්ටමේ භාණ්ඩ නිෂ්පාදන සඳහා යෙදවුමක් ලෙස භාවිතා කරන අතර සීමිත ප්‍රමාණයක් ගෘහස්ථ පරිභොජනය සඳහාද නිකුත් කෙරේ.

වාර්තාගත ඉහළ මූල්‍ය ප්‍රථිපල සහ වර්ධනය සඳහා දායක වූ සාධක රැසකි.

විචක්ෂණශීලී කළමණාකරන පරිචයන්

ලූණු කර්මාන්තය බොහෝ සාධකයන්ට දැඩි ලෙස සංවේදී වන අතර දේශගුණය වැනි පාලනය කළ නොහැකි සාධක වලට යටත්වේ. තවද ශ්‍රමය මූලික කරගත් කර්මාන්තයකි. නිතර මුහුණ දෙන අනපේක්‍ෂිත තත්ත්වයන් නිසා අමුද්‍රව්‍ය සැපයුමට (කර්මාන්ත ලූණු අස්වැන්න* දැඩි ලෙස බලපෑම් ඇති වන අතර එය යථා තත්ත්වයට පත් කිරීමට බොහෝ කාලයක් ගතවීම මෙම කර්මාන්තයේ ආවේනික ලක්‍ෂණයකි. අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් වන අතර කර්මාන්ත යෙදවුමක් ද වන බැවින් ලූණු සඳහා රජයේ නියාමන ඉහළ මට්ටමක පවතී. ලූණු ආශ්‍රීත පරිසරයක ක්‍රියාත්මක වන බැවින් යන්ත්‍ර සූත්‍ර නඩත්තුව පිරිවැය අධික කටයුත්තකි. ලූණු සඳහා පවතින ඉල්ලූම අනම්‍ය වන නමුත් පාරිභෝගික රුචිය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී. මෙම ව්‍යාපාරික පරිසරය හොඳින් අවබෝධකරගත් රයිගම් වයඹ සෝල්ටන් වෙනස්වන තත්ත්වයන්ට අනුව තීරණ ගතහැකි වන පරිදි නම්‍යශීලී කළමණාකරණ තීරණ ක්‍රමවේදයක් ස්ථාපිත කර ඇත. ලූණු ලේවාය සඳහා කාරම් ජලය ලබාගන්නා අවස්ථාවේ සිට අවසාන ලූණු නිෂ්පාදනය දක්වා දැඩි පාලනයක් ක්‍රියාත්මක වන අතර යන්ත්‍ර සූත්‍ර සහ පිරීත නඩත්තු පිිරිවැය පාලනය සඳහා ඍජු අවධානය යොමු කර ඇත. සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම හා පිරිවැය පාලනය ප්‍රමුඛ සාධකයකි.

උපායශීලී අලෙවිකරණ හා බෙදාහැරීමේ ක්‍රියාදාමය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බොදාහැරීමේ ජාලයක් වන රයිගම් බෙදාහැරීමේ ජාලය ශ්‍රී ලංකාවේ සිල්ලර, තොග වෙළඳසැල් සම්පූර්ණයෙන්ම පාහේ ආවරණය කරන අතර සියලූම සුපිරි වෙළඳසැල් ජාලද ආවරණය කරයි. තොග වශයෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා දිවයිනේ ප්‍රධානතම තොග වෙළඳ මධ්‍යස්ථානය වන පිටකොටුව මධ්‍යම වෙළඳපොලට පැමිණෙන ව්‍යාපාරිකයන්ට ඍජුව භාණ්ඩ සැපයීම සඳහා සමාගමටම අයත් තොග වෙළඳ සැලක් පිහිටුවා ඇත. තවද විවිධ ආයතන සඳහා අවශ්‍ය ලූණු තොග සැපයීමද ඔවුන්ගේ පිරිවිතරයන්ට අනුව සකස් කළ විශේෂ නිෂ්පාදන සැපයීමද රයිගම් වයඹ සෝල්ටන් විසින් සිදු කෙරේ.

සමූහයේ සිය`ඵ නිෂ්පාදන ”රයිගම්” පොදු සන්නාමය යටතේ අලවිකරන අතර මේස ලූණු සඳහා ඉසි, ප්‍රිමියම්, වෙල්කම් හා රුචි යන ජනප්‍රිය උප සන්නාමද කැට ලූණු සඳහා ටි‍්‍රපල් වොෂ්, වෙල්කම් හා රුචි යන උප සන්නාමයන්ද භාවිතා වේ.

රයිගම් වයඹ සෝල්ටන්ස් සියලූ නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා තත්ත්ව සහතික :ීඛී* හිමි කරගෙන ඇති අතර සියලූ නිෂ්පාදන ක්‍රියාවලීන් ෂීධ සහ වෙනත් පිළිගත් කාර්මික තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලය.

තත්ත්ව ප්‍රතිපත්තිය

රයිගම් ඉසි වෙළඳපොලේ ඉහලම පාරිභෝගික විශ්වාසය දිනාගත් ලූණු නිෂ්පාදිතය බව අවිවාදාත්මකය. පාරිභෝගිකයින් වෙළඳ සන්නාමයෙන්ම ඉල්ලා සිටින එකම ලූණු නිෂ්පාදනය එයයි. රයිගම් ලූණු කිසිම අයුරකින් තම තත්ත්වය ප්‍රමිතියෙන් අඩු වීමකට ඉඩ නොතබන අතර සියළු නිෂ්පාදිත උණු උණුවේම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ක්‍රියාවලියක් මගින් ඇසුරුම් කර වෙළඳපොලට සපයයි. කාලයක සිට ලූණු නිෂ්පාදනය සඳහා භාවිතා කළ සම්ප්‍රදායික පොලිතීන් උර වෙනුවට තෙතමනය හා වෙනත් බාහිර සාධක වලින් ආරක්‍ෂිත එමෙන්ම ආකර්ශනීය ත්‍රිත්ව ලැමිනේටින් ඇසුරුම් ලූණු සඳහා මුසුකලේද රයිගම් විසිනි.

රයිගම් වෙළඳ සන්නාම, පාරිභෝගිකයන් සමග නිරන්තර සන්නිවේදනයේ යෙදී සිටින අතර, එම නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය කෙරෙහි පාරිභෝගිකයන් තම විශ්වාසය තබා ඇත.

සළකා බලන වර්ෂය තුළ සමාගමේ විකුණුම් ඉහලයාම කෙරෙහි මෙම තත්ත්වයද ඍජුවම දායක විය.

අඛණ්ඩ හා ස්ථීර වෙළඳපොළ සැපයුම

ලූණු කර්මාන්ත කාලගුණය සමඟ ඉතා සංවේදී කර්මාන්තයක් වන අත ඒ අනුව ලූණු අස්වැන්න ද වෙළඳපොළ සැපයුමද කාලයෙන් කාලයට වෙනස් වේ. පසුගිය කාලය තුළ අඛණ්ඩව පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ලූණු සැපයුම අඩාල වූ අතර බොහෝ ආයතන වල වැඩ අත්හිටුවීමට ද සිදු විය. නමුත් රයිගම් හි කළමණාකරණය විසින් සිදුකළ විචක්ෂණශීලී තොග කළමණාකරණය හේතුකොට ගෙන අවම බලපෑමක් සහිතව වෙළඳපලට භාණ්ඩ සැපයීමට සමාගම සමත් විය.
ඒ ඔස්සේ දිවයිනේ වෙළඳ ප්‍රජාව සමාගම කෙරෙහි තැබූ විශ්වාසය ඉහළ තලයකට ලඟා වූ අතර එමගින් අඛණ්ඩව ඉහළ විකුණුම් පරිමාවක් ලබා ගැනීමටත් මහා පරිමාණ නිෂ්පාදන වාසි අත්පත් කර ගැනීමටත් සමාගම සමත් විය.

දිවයින පුරා විසිරී පැතිරී ගිය තොග සහ සිල්ලර වෙළඳ මහතුන් තුළ ගොඩනැගුණු විශ්වාසයද මෙම අතිවිශිෂ්ඨ මෙහෙයුම් ප්‍රථිපල කෙරෙහි ධනාත්මකව බලපාන ලදී

කාර්යශූර ශ්‍රම බලකාය

සමාගමේ මෙහෙයුම් මට්ටමේ සිට ඉහළ කළමණාකරණය දක්වා වන සියළුම ස්ථරවල සේවක පිරිසගේ කැපවීම හා දායකත්වය මෙම විශිෂ්ඨ ප්‍රතිඵල කෙරෙහි බලපාන ලද අත්‍යාවශ්‍ය සාධකයක් බව සඳහන් කළ යුතුමය. සමාගම සේවක සුභ සාධනය හා මානව සම්පත් සංවර්ධනය සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.

අධ්‍යක්‍ෂක මණ්ඩලය

සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩලය විධායක අධ්‍යක්‍ෂකවරුන් තුන් දෙනෙකුගෙන් හා විධායක නොවන ස්වාධීන අධ්‍යක්‍ෂකවරු හතර දෙනෙකුගෙන් සමන්විත තුලිත මණ්ඩලයකි

- ආචාර්ය රවී ලියනගේ සභාපති/විධායක අධ්‍යක්‍ෂක
- කිෂාන් තියෝඩර් මහතා කළමණාකාර අධ්‍යක්‍ෂක
- ගණක අමරසිංහ මහතා විධායක අධ්‍යක්‍ෂක
- මහාචාර්ය සම්පත් අමරතුංග ස්වාධීන /විධායක නොවන අධ්‍යක්‍ෂක
- සරත් කීර්තිරත්න මහතා ස්වාධීන /විධායක නොවන අධ්‍යක්‍ෂක
- සුනිල් සමරවීර මහතා ස්වාධීන /විධායක නොවන අධ්‍යක්‍ෂක
- ටී. ධර්මරාජා මහතා ස්වාධීන /විධායක නොවන අධ්‍යක්‍ෂක

2023 ජුනි මස 06 වන දින අංක 23, වා`ඵකාරාම පාර කොළඹ 03 පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවති සමාගමේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී මාධ්‍ය නියෝජිතයින්ට අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා මෙම තොරතුරු පත්‍රිකාව රයිගම් වයඹ සෝල්ටන්ස් පී එල් සී විසින් නිකුත් කරන ලදී.