කදිර දිව්‍යරාජ සිනමා කෘතිය සමග පාරමිතාවට පෙළගැසෙන රයිගම් දෙවැනි 1

Thursday, 20 July 2023 - 11:06

%E0%B6%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+1
වසර 75 ක් පිරුණු දේශීය චිත්‍රපට කර්මාන්තය සැබෑ අභියෝගයකට මුහුණ දී සිටී. එය උභතෝකෝටික ගැට`ඵවකි. සමාජ මාධ්‍ය, රූපවාහිනිය හා ආනයනික චිත්‍රපට හරහා ප්‍රේක්‍ෂක මනසට හුරුවී ඇති විචිත්‍රවත් නිර්මාණ දේශීය වශයෙන් නිර්මාණයවීම ඉතා විරලය. ඊට හේතුව ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය හා ආදායම් ඉලක්ක ලඟාකරගැනීමේ ගැට`ඵවයි. ප්‍රාග්ධනය හා ආදායම් ඉලක්ක සපුරා ගැනීමට (අවම වශයෙන් නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමට) ප්‍රේක්‍ෂකයන් මන්මත් කරන විචිත්‍රවත් නර්මාණ බිහිකළ යුතුය. විචිත්‍රවත් නිර්මාණ නොමැති කළ ප්‍රේක්‍ෂක ආකර්ශණය නැත. ප්‍රේක්‍ෂක ආකාර්ශණය නොමැතිව විචිත්‍රවත් නිර්මාණ බිහිකළ නොහැක. මේ උභතෝකෝටිකය මත දේශීය සිනමා කර්මාන්තය එක තැන පල්වෙමින් පවතී. ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය ඉතා ඉහළ තලයක පවතින්නේ එරට ව්‍යාපාරික ප්‍රජාව හරහා අතිවිශාල ප්‍රාග්ධනයක් මෙම කර්මාන්යේ යෙදවීම තුළින් ඇති කළ උද්ධීපනය හරහාය.

සැබෑ ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු ලෙස රයිගම් සමුහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ තම ව්‍යවසායකත්ව ශක්තිය සිනමා කර්මාන්තය වෙත මේ මොහොතේ යොමුකරන්නේ, මන්දගාමී ගමනක යෙදෙන දේශීය සිනමා කර්මාන්යට යම් අස්වැසිල්ලක් වෙමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණ කුසලතාවයෙන් බිහිකළ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම දේශීය සිනමා ක්‍ෂේත්‍රයට තිලිණකරමිනි.

දේව කතා සාහිත්‍යයෙහි මිනිස් දුවක් සරණ පාවා ගත් දෙවියකු ගැන සඳහන් වන්නේ කතරගම දෙවියන් ගැන පමණි. එම දෙවියන්ට බාල කාලයේ පටන් ආලය කර, ඒ ආලයේ මහිමයෙන් ඔහු කතරගමට ගෙන්වා ගෙන සරණ කර ගත් රූමතිය වැදි ජනයා අතර හැදුණු වැඩුණු වල්ලී ය. ඔවුන් දෙදෙනාගේ කථා වස්තුව විචිත්‍රවත් ප්‍රේම වෘත්තාන්තයකි. ශිව පාර්වතී මංගල්‍යය, කඳ කුමරුන්ගේ ඉපදීම, අසුර පරාජය, දුටුගැමුණු කඳ සුරිඳු මිත්‍රත්වය, කතරගම දෙවොලේ මූලාරම්භය හා ගණ දෙවියන්ගේ හමුව ඇතුලු ඇසූ නොඇසූ කථා කදිර දිව්‍යරාජ සිනමාපටය තුළින් නැරඹිය හැකිය.

මෙම සද්කාර්යය සඳහා ඔහු තම රයිගම් රාජධානියේ ශක්තිය මුසුකරගන්නේ, එම සිනමා සිත්තමේ තේමාවට ගැලපෙන රයිගම් “දෙවැනි බැත” නිෂ්පාදනය වැඩිදියුණු කිරීම තුළින් හඳුන්වාදෙන “රයිගම් දෙවැනි 1” සහල් නූඩ්ල්ස් මහා පාරමිතාවක් ලෙස සම්මාදම් කරගනිමිනි.

“රයිගම් දෙවැනි බැත” වසර 10ක කාලයක් මු`ඵල්ලේ පාරිභෝගික සිත් සතන් සනසමින් ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් වෙළඳපොලේ අද්විතීය ස්ථානයක වැජඹෙන අතර ගෙවුණු කාලය පුරාවටම එහි අනර්ඝත්වයට සමකළ හැකි කිසිදු සහල් නූඩ්ල්ස් නිෂ්පාදනයක් වෙළඳපොලට එක්නොවීමද එහි සුවිශේෂී ජයග්‍රහණයකි. 100% ක් සහල්පිටි පමණක් අන්තර්ගත දෙවැනි බැත ආරම්භයේ සිටම එහි අසුරණයේ ඉතා පැහැදිළි අභියෝගයක් සටහන් කර ඇත. ඒ එහි සහල්පිටි හැර වෙනත් කිසිදු ද්‍රව්‍යයක් අඩංගු බව ඔප්පුකරන ඕනෑම තැනැත්තෙකුට රුපියල් මිලියනයක ත්‍යාගයක් ලබාදීමේ පොරොන්දුවයි. එය පාරිභෝගික විශ්වාසය රැකිමේ පොරොන්දුවයි.

“බත” අපගේ පූජනීය ප්‍රධාන ආහාරයයි. බතට පමණක් දෙවැනි වූ රයිගම් දෙවැනි බැත 100% ක්ම දේශීය සහලින් තැනූ අදට ගැලපෙන නූඩ්ල්ස් තාලයට නිපදවූ අනර්ඝ ආහාරයයි.

රයිගම් පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායමේ අඛණ්ඩ මෙහෙවරක ප්‍රථිඵලයක් ලෙස වැඩි දියුණු කළ “රයිගම් දෙවැනි බැත” නව නිෂ්පාදනය “රයිගම් දෙවැනි 1” නමින් වෙළඳපොලට හඳුන්වා දීමට ද මෙම සුවිශේෂී අවස්ථාව යොදාගන්නා බව ඉතා සතුටින් නිවේදනය කර සිටිමු. අපට සුපුරුදු සුදු, රතු සහ රෝස කැකු`ඵ සහල් වලට අමතරව දේශීය සම්ප්‍රදායික සහලින් සහ බාස්මතී සහලින් තැනූ “රයිගම් දෙවැනි 1” සුවිශේෂී නිෂ්පාදන මාලාවක් මේ සමඟ වෙළඳපොලට එකතු වේ.

එය බතට පමණක් දෙවැනි වන නිසාම “රයිගම් දෙවැනි 1” ලෙස නම් ලබයි.

තවද දසවන උපන්දිනය සමරන 100% සහලින් නිපදවූ රයිගම් “දෙවැනි බැත” නමින් පාරිභෝගිකයන් රසවත් කළ නිෂ්පාදනය “ රයිගම් දෙවැනි 1” ලෙස අලුත් සන්නාමයකින් එළි දැක්වීමටද අවස්ථාවක් ලැබීම භාග්‍යකි. “දෙවැනි බැත” යන නමින් “දෙවැනි” යන කොටසත් ශ්‍රී ලාංකීය වෙළදපොළෙහි ප්‍රමුඛයා හෙවත් අංක 1 හා වෙළදපොළෙහි ඇති එකම එක සහල් නූඩ්ල්ස් යන අරුත් ද්විත්වයෙන් “1” යන අංකයත් සම්මිශ්‍රණය කර අද දොරට වඩින “ රයිගම් දෙවැනි 1” පාරිභොගිකයින් වඩාත් ආකර්ෂණය කරගනු ඇතැයි අපගේ විශ්වාසයයි.

“රයිගම් දෙවැනි 1” තැනෙන්නේ 100%ක් අපේම රන් සහලිනි. අපේ ගොවිජනතාව ගොවිතැන්බත් කර තම සහල් අස්වනු ගෙට ගනු ලබන්නේ එය දේවත්වයෙන් පිදීමෙනි. “රයිගම් දෙවැනි 1” එම ගොවිජනතාවට ශක්තියකි, ආශීර්වාදයකි.

ශිව හා විශ්ණු දෙවියන් මෙන්ම බොහෝ රටවල කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වෙන අතර එම දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනීමට මහජනතාව කටයුතු කරයි. කතරගම දෙවියන් අපට සුවිශේෂි වෙයි. අතීත පුරාවෘතයන්ට අනුව දෙව්ලොව සිට වැඩමකළ කඳ සුරිඳුන් තම වාසභවන සඳහා තෝරාගත්තේ අපේ රටේ කතරගම පුරවරයයි. අපේ රට බතින් බුලතින් පොහොසත් කරන්නන්ගේ දුකට පිහිටවන්නටත් කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබූ බවට පු`ඵල් ජනතා විශ්වාසයක් පවති. බේදයකින් තොරව සිය`ඵ ආගම් අදහන මහජනතාව, භක්තියෙන් කතරගම දෙවි ආශිර්වාදය පතයි.

අපේ ප්‍රධාන ආහාරය බත මෙන්ම කතරගම දෙවියන්ද අපේ හදවතට ඉතා සමීපය.

දේශීය සහලින් තැනෙන “රයිගම් දෙවැනි 1” , කතරගම දෙවියන් පිළිබඳව තැනූ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම එළිදැක්වීම සඳහා පාරමිතාවක් සේ සලකා පෙළගැසෙන්නේ එම කදිම ගැලපීම නිසාමය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්මා කම්මන්තයක් වූ “රයිගම් දෙවැනි 1” සඳහා කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ද හිමිවනු නොඅනුමානය.

මීට ඉහත අවස්ථාවල චිත්‍රපට හා ටෙලිනාට්‍ය තුළ වෙළඳ සන්නාම ප්‍රදර්ශනය තුලින් ඒවාට ප්‍රවර්ධනයක් ලබාදුන් අවස්ථා පැවතියද ඍජුව සිනමා නිර්මාණයක් සඳහා ජනප්‍රිය පාරිභෝගික භාණ්ඩයක් දායකත්වය සපයන ප්‍රථම අවස්ථාව මෙයයි. එය අන්‍යොන්‍ය බැඳීමකි. එම බැඳීම ඉදිරියටද දේශීය සිනමාවේ උන්නතිය සඳහා ඉක්මනින් අලෙවිවන නිෂ්පාදන කාණ්ඩයේ පාරිභෝගික නිෂ්පාදනවල :ත්‍ඵක්‍ඨ* මැදිහත්විමේ පූර්වාරම්භයක් විය හැකිය.

කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ මංගල ප්‍රදර්ශනයට සමගාමීව චිත්‍රපටය නොමිලේ නැරඹීම සඳහා වන දිනුම් ඇදීමක් නිෂ්පාදන කණ්ඩායම සූදානම් කර ඇත. ඒ “රයිගම් දෙවැනි 1” - 100% සහල් නූඩ්ල්ස් මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහායි. “රයිගම් දෙවැනි 1” පැකට්ටුවක් මිලදී ගෙන එහි ඇති අත්පත්‍රිකාවේ සඳහන් අංකය කෙටි පණිවුඩයක් මගින් දුරකථන අංක 070 7062 062 වෙත එවීම මගින් මෙම දිනුම් ඇදීමට ඇතුළත් විය හැක. සතියේ දිනවල දිනපතා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින් 12 දෙනෙක් සඳහා කදිර දිව්‍යරාජ චිත්‍රපටය නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර දෙක බැගින් හිමිවේ. මෙයද ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය තුළ සිදුකරන විශාලතම දිනුම් ඇදීමේ තරගය වන අතර චිත්‍රපටය තිරගතවන කාල සීමාව පුරා ක්‍රියාත්මක වේ.

කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ප්‍රධාන චරිත ද්විත්වය භාරතීය රංගන ශිල්පී සමර් වර්මානි සහ භාරතීය රංගන ශිල්පිනී සොනාක්ෂි සිං රාවන් යන දෙපළ අතින් නිරූපිත අතර ප්‍රවීණ දේශීය නළු නිළියන් රැසක්ද මෙම සිනමා නිර්මාණයට රංගන දායකත්වය සපයා ඇත.

රොෂාන් පිලපිටිය - නිල්මිණි තෙන්නකෝන්
ජගත් චමිල - චරිත් අබේසිංහ
වසන්ත විට්ටච්චි - නදීපා රණසිංහ
සරත් කොතලාවල - ධනංජය සිරිවර්ධන
විනූ උදානි සිරිවර්ධන - හරිනි කාව්‍යාංජනී
අජිත් ශාන්ත - සමුදි ජයසිංහ
වසන්ත කුමාරවිල - ෂෙල්ටන් කැකුලාවල
රජිත රොද්‍රිගු - රංගී රාජපක්ෂ
සම්පත් තෙන්නකෝන්

චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසකගේ නිර්මාණාත්මක දායකත්වය කදිර දිව්‍යරාජ සිනමා සිත්තම හැඩ ගැන්වීම සදහා ලබා දී ඇත.

කැමරා අධ්‍යක්‍ෂණය - චන්න දේශප්‍රිය
කලා අධ්‍යක්‍ෂණය - ධම්මික හේවාදුවත්ත
නිෂ්පාදන කළමණාකරනය - නිමල් විජේසිරි සේනාධීර
සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර
සටන් අධ්‍යක්‍ෂණය - සුමුදු අමල්ක
දෘශ්‍ය ප්‍රයෝග - චමත් පරණවිදාන
නර්තන අධ්‍යක්‍ෂණය - සංඛ අබේසිංහ
වස්ත්‍රාභරණ - වෙනුක වික්‍රමාරච්චි
වෙස් ගැන්වීම - ප්‍රියන්ත දිසානායක
කේශාලංකරණය - හරූන් ෂයිඩීන්
සංගීත අධ්‍යක්‍ෂණය - රෝහණ වීරසිංහ
ගීත ගායනය - නිරෝෂා විරාජිනී
                 රවීන් කණිෂ්ක
සහය අධ්‍යක්‍ෂණය - විමල් දේශප්‍රිය
නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න
නිෂ්පාදන සම්බන්ධීකරණය - ඒ.ඩී. රංජිත් කුමාර
ීඑැ්ාහ ක්‍්ප කැමරා මෙහෙයවීම - ස්ටයිනර් ඇඩම්ස්

හදවතින් දුටු කඳ සුරිදු දෑසින්ම දැකගත හැකි “කදිර දිව්‍යරාජ” සිනමා සිත්තම සහ “රයිගම් දෙවැනි 1” - සහලින්ම තැනූ නූඩ්ල්ස් පිළිබඳ ආරංචිය මහජනතාව වෙත ගෙනයාමට සහය වන ලෙස රයිගම් සමුහය සිය`ඵ මාධ්‍ය ආයතන වෙතින් අපේක්‍ෂා කෙරේ.

හදවතින් දුටු කඳ සුරිදු දෑසින්ම දැකගන්න කදිර දිව්‍යරාජ චිත්‍රපටය අගෝසතු 03 වන දා සිට දිවයින පුරා සිනමා ශාලාවල දී.