2013 සංචාරයට හොඳම රට ලංකාව

Monday, 14 January 2013 - 7:55

2013+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80


2013 වසරේදී සංචාරය සඳහා වඩාත්ම හිතකර රට ශ්‍රී ලංකාව බව බ්‍රිතාන්‍ය ඔබ්සවර් පුවත්පත වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරනවා. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ඉකුත් වසරේ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයත් සමග ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු බවට තහවුරු වී ඇති බවයි.  ගිය වසරේ සංචාරකයින්ගේ පැමිණීම මිලියනය ඉක්මවීම විශේෂත්වයක් බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ. බ්‍රිතාන්‍ය ඔබ්සවර් පුවත්පත මෙම වාර්තාව නිකුත් කිරීමත් සමගම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තවත් දිරිගැන්වීමට හේතුවක් බවට ද එහි සඳහන්ව තිබෙනවා.