මහ බැංකුවේ අවධානය රත්‍රංවලට.

Wednesday, 17 April 2013 - 13:00

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%80%E0%B6%BD%E0%B6%A7.



ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටීමත් සමග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රන් මිලදී ගැනීම පිළිබඳ අවධානය යොමුකර ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. රන් මිල පහත වැටීමත් සමග ලොව පුරා මහ බැංකු විසින් රන් මිලදී ගැනීමට පෙළඹෙන බවයි මහ බැංකු අධිපතිවරයා බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ. 2011 වසරේ මැද භාගය වනවිට මහ බැංකුව සතුවූ රන් තොගය ටොන් 16 කට ආසන්නයි. එහෙත් 2011 වසර අවසානයේ එය ටොන් 9.98 දක්වා පහත වැටුණා. 2012 වසර අවසානයේදී එම ප්‍රමාණය ටොන් 3.6 ක් වී ඇති බවයි රන් වෙළඳපොල දත්ත පෙන්වා දෙන්නේ. 2008 වසරේදීද රන් මිල අවුන්සයකට ඩොලර් 1300 දක්වා පහත වැටුණු අතර, නැවතත් ඩොලර් 1800 තරම් ඉහළ මිලකට පත්වුණා. දැන් ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 1375 ක් දක්වා පහත වැටී තිබෙනවා.



ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට
Sunday, 31 May 2020 - 13:29

ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය යළි කරළියට පැමිණීමත් සමඟ ලෝක වෙළඳපොලේ... Read More

රන් මිල ඉහළට
Sunday, 31 May 2020 - 8:47

ගෝලීය ආර්ථිකයේ අස්ථාවර භාවය සහ වෙළඳ යුද්ධයේ බලපෑම හේතුවෙන්... Read More

මැයි මාසයේ උද්ධමනය තවදුරටත් පහළට - මහබැංකුව
Saturday, 30 May 2020 - 13:20

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේදී... Read More