මාගම්පුරට ගෙනා තෙල් ගැන පැහැදිළි කිරීමක්.

Thursday, 04 July 2013 - 12:52

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මාගම්පුර - රුහුණුපුර වරායේ ඉන්ධන පර්යන්තයේ පූර්ව මෙහෙයුම් පරීක්ෂණය සඳහා රැගෙන ආ ඉන්ධන තොගය වෙළඳ පොළට නිකුත් නොකරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කළා. හම්බන්තොට වරාය සංකීර්ණයේ ඉදිකර ඇති ඉන්ධන ගබඩා කෙරෙන තෙල් ටැංකි සහ එහි මෙහෙයුම් නල පද්ධතිය පෙරේදා පරික්ෂාවට ලක් කළ අතර ඒ සඳහා රැගෙන ආ ඉන්ධනවල ගැටළුවක් පවතින බවයි සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ආයතනය ප්‍රකාශ කළේ.

 

සිංගප්පූරුවේ සිට පැමිණි නෞකාවකින් ඉන්ධන ටොන් 5 000 ක් මෙලෙස රැගෙනවිත් තිබුණා. සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ආයතනයේ සභාපති මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට ඊයේ කියා සිටියේ අදාළ ඉන්ධන තොගයේ සාම්පල පරීක්ෂාව සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලැබුණේ නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව බවයි.

 

[MP3]s62341_1[/MP3]

 

කෙසේ වෙතත් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ආයතනයේ සභාපතිවරයා සිදුකළ එම ප්‍රකාශයට වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම අද ප්‍රතිචාර දක්වා සිටියා. හිරු ප්‍රවෘත්ති අංශයට මේ සම්බන්ධයෙන් ඔහු ලබාදුන් ප්‍රකාශයයි මේ.

 

[MP3]s62341_2[/MP3]