ඞී.සී.ඞී. වලට හේතුව ලාභයයි - මව්බිම ලංකා පදනම.

Thursday, 08 August 2013 - 13:06

%E0%B6%9E%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%9E%E0%B7%93.+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8.

මෙරටට ආනයනය කරන ඇතැම් කිරිපිටිවල ඞී.සී.ඞී. රසායනිකය අඩංගු වීම සම්බන්ධයෙන් මව්බිම ලංකා පදනම කොළඹ දී අද (08) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුනෙත් වන්නිආරච්චි සඳහන් කළේ ලාභය වෙනුවෙන් සමාගම් කිරිපිටි සඳහා ඞී.සී.ඞී. යොදන බවයි.

[MP3]s64666_1[/MP3]

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෆොන්ටෙරා සමාගම, මැලිබන් කිරි නිෂ්පාදන සමාගම මෙන්ම පී.එම්.මොහොමඞ් අලි සහ සමාගම ගෙන්වන ඇතැම් කිරිපිටි නිෂ්පාදනයන්හි ඞී.සී.ඞී. අඩංගු බවයි. ඒ හේතුවෙන් එම සමාගම්වල ඇතැම් කිරිපිටි තොග වහාම වෙළඳපොලින් ඉවත් කර ගන්නා ලෙසද අදාළ වෙළඳ සමාගම් වෙත දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනයෙන් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පිළිතුරු දුන් මැලිබන් කිරි පුද්ගලික සමාගමේ නිෂ්පාදන කළමනාකාරීනි තේජා ගුණවර්ධන.

 [MP3]s64666_2[/MP3]

මේ අතර, ෆොන්ටෙරා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඩබ්ලිව්.පී.සී. එයිටි නැමැති අහිතකර ප්‍රෝටීන් වර්ගය අඩංගු කිරි නිෂ්පාදන 03 ක් අඩංගු තොග යළිත් නවසීලන්තය වෙත කැඳවා ඇති බවයි. ඒ, නවසීලන්ත රජය සිදුකළ දැනුම්දීමක් හේතුවෙන්. එහෙත් තම සමාගමේ අනෙකුත් නිෂ්පාදනයන්හි අහිතකර දේ අඩංගු නොවන බවයි එම සමාගම වැඩිදුරටත් කියා සිටියේ.