වාහන මිල ඉහළ යයි.

Sunday, 01 September 2013 - 13:33

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී තැන්පත් අවශ්‍යතාවය සියයට සියයකින් ඉහළ නැංවීමත් සමඟ ආනයනය කරන වාහනවල මිල විශාල අගයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවල මිල ද ඉහළ යාමේ අවදානමක් පවතින බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ. මෙම තීරණය බස් රථ, ගිලන්රථ, ලොරි සහ ට්‍රක් රථ සඳහා බල නොපාන බව නව රෙගුලාසි පනවමින් මහබැංකුව පසුගියදා ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ නව තීරණයත් සමඟ ආසන 30 ට අඩු කුඩා වර්ගයේ ආනයනික බස් රථවල මිල ගණන් ද ඉහළ යනු ඇති බවයි.

[MP3]s66280[/MP3]



මහජන බැංකුවේ 59 වන සංවත්සර මහා පිරිත් සජ්ඣායනය
Wednesday, 08 July 2020 - 17:39

මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වන දිනට පනස් නව වසරක් සැපිරිණි.... Read More

ගෘහස්ථ සංචාරක හෝටල් හිමිකරුවන් ආර්ථික අපහසුතාවක
Wednesday, 08 July 2020 - 13:23

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල්වලට පමණක් විදේශ සංචාරකයින් ගෙන්වාගැනීමට... Read More

රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 07 July 2020 - 8:41

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More