සංචාරක ආගමනය ඉහළට.

Monday, 16 September 2013 - 19:23

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසයේ දී සියයට 26.1කින් වර්ධනය වී තිබෙනවා. අගෝස්තු මාසයේ සංචාරකයන් එක්ලක්ෂ 224ක් දිවයිනට පැමිණ ඇති අතර, ඉන්දියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාම විශේෂත්වයක්. අගෝස්තු මාසය අවසන් වන විට මේ වසරේ ශ්‍රී ලංකාවට පැමණි සංචාරකයන්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ 11,446ක්. සමස්තයක් ලෙස දකුණු ආසියාවෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මේ වසරේ දී සියයට 12.6කින් වර්ධනය වී ඇති අතර, බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 20කින් පමණ වර්ධනය වුණා. චීනයෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 74කින් වර්ධනය වී ඇති අතර, මැදපෙරදිග සංචාරකයන්ගේ ආගමනය ද සියයට 75කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.



කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More