සංචාරක ආගමනය ඉහළට.

Monday, 16 September 2013 - 19:23

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසයේ දී සියයට 26.1කින් වර්ධනය වී තිබෙනවා. අගෝස්තු මාසයේ සංචාරකයන් එක්ලක්ෂ 224ක් දිවයිනට පැමිණ ඇති අතර, ඉන්දියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාම විශේෂත්වයක්. අගෝස්තු මාසය අවසන් වන විට මේ වසරේ ශ්‍රී ලංකාවට පැමණි සංචාරකයන්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ 11,446ක්. සමස්තයක් ලෙස දකුණු ආසියාවෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මේ වසරේ දී සියයට 12.6කින් වර්ධනය වී ඇති අතර, බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 20කින් පමණ වර්ධනය වුණා. චීනයෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 74කින් වර්ධනය වී ඇති අතර, මැදපෙරදිග සංචාරකයන්ගේ ආගමනය ද සියයට 75කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.



පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි
Friday, 10 July 2020 - 19:28

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 22,306 කට සෞභාග්‍යා කොවිඩ්... Read More

විදෙස් සංචිත ඉහළට
Friday, 10 July 2020 - 8:17

මෙරට විදේශ සංචිතය පසුගිය ජුනි මාසයේ ප්‍රකෘතිමත් වී ඇති බව... Read More

බැංකු සහන නොලැබීම ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)
Friday, 10 July 2020 - 6:12

පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය වානිජ බැංකු මගින් ණය ලාභීන්ට... Read More