UPDATE: කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ ගාස්තු ප්‍රකාශයට පත්කෙරේ.

Monday, 21 October 2013 - 16:58

UPDATE%3A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.


කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ ගාස්තු මහාමාර්ග වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වාහන කාණ්ඩ 4 ක් යටතේ ඒ සඳහා ගාස්තු අය කරන අතර පළවෙනි කාණ්ඩයට අයත් සියලූම මෝටර් රථ, ජීප් සහ කැබ් රථ මෙන්ම, ආසන 9 දක්වා වූ වෑන් රථ සඳහා පෑලියගොඩ පිවිසුමේ සිට කටුනායක දක්වා ගාස්තුව රුපියල් 300 ක් වනු ඇති. පෑලියගොඩ පිවිසුමෙන් ඇතුළු වී ජාඇල පිවිසුමෙන් පිටවීමට සහ ජාඇල සිට කටුනායක දක්වා මෙම කාණ්ඩයේ වාහන සඳහා අය කරන මුදල රුපියල් 200ක්.

දෙවන කාණ්ඩයට අයත් වාහන වන්නේ ආසන 9 ට වැඩි මගී ප්‍රවාහන වෑන් රථ, ආසන 9 ත් 33 ත් අතර සියලූ බස් රථයි. ඒ සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 450 කුත්, පෑලියගොඩ සිට ජා-ඇල දක්වා රුපියල් 350ක් සහ ජා-ඇල සිට කටුනායක දක්වා රුපියල් 300 ක මුදලකුත් අය කරනු ඇති.

ආසන 33 ට වඩා වැඩි සියලූ බස් රථ, ඇක්සල් 2 ක් සහ රෝද 6 ක් සහිත ලොරි හා ට්‍රක් රථ ඇක්සල් 3 ක් සහිත මෝටර් ලොරි සහ ට්‍රක් රථ තෙවන කාණ්ඩයට අයත් වනවා. ඒ සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 600 ක මුදලකුත්, පෑලියගොඩ සිට ජා-ඇල දක්වා රුපියල් 400 ක මුදලකුත් සහ ජා-ඇල සිට කටුනායක දක්වා රුපියල් 300 ක මුදලකුත් අය කිරීමට නියමිතයි.

සිව් වන කාණ්ඩයට එකට ඈදු මෝටර් කෝච් 2 ක් සහිත බස්, ඇක්සල් 4 ක් හෝ ඊට වැඩි සියලූ රථ ඇතුළත් වනවා. ඒ සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 800 ක මුදලකුත්, පෑලියගොඩ සිට ජා-ඇල දක්වා රුපියල් 600 ක මුදලක් සහ ජා-ඇල සිට කටුනායක දක්වා රුපියල් 300 ක මුදලක් අය කිරීමට නියමිතයි.

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය ලබන 27 වන දින විවෘත කිරීමට නියමිත අතර එය හෙට සිට ජනතාවට නොමිලේ නැරඹිය හැකියි.

\r\n

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 07:25

\r\n

---------------------------------------------------------------------

\r\n

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ.

\r\n

පෙර පුවත 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 04:58

\r\n

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ ගාස්තු මහාමාර්ග වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වාහන කාණ්ඩ 4 ක් යටතේ ඒ සඳහා ගාස්තු අය කරන අතර එය පහත පරිදි වනවා.

\r\n

[JPG]69733_1[/JPG]

\r\n

[JPG]69733_2[/JPG]

\r\n