සපුගස්කන්ද පිරිපහදුව යළි වැසෙන ලකුණු.

Wednesday, 06 November 2013 - 20:07

%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

කඩිනමින් බොරතෙල් නැවක් නොපැමිණියහොත් ලබන 10 වැනිදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසාදැමීමට සිදුවනු ඇතැයි තෙල් වෘත්තීය සමිති අද අනතුරු ඇඟවීමක් සිදුකළා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මෙම අනතුරු ඇඟවීම සිදුකළේ කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා එල්ල කරන මෙම චෝදනාව පිළිබඳව අප එම සංස්ථාවේ සභාපති එස්. අමරසේකරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බොරතෙල් රැගත් නෞකාවක් පසුගිය 27 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් පුවත්පත් වාර්තාවක් නිසා එය වැළකී ගිය බවයි. ශ්‍රී ලංකාව, ඉරානයෙන් තවමත් බොරතෙල් මිලට ගන්නා බව එම වාර්තාවේ සඳහන් වී තිබුණා. තෙල් අපනයනය සඳහා ඇමරිකාව ඉරානයට මේ වනවිටත් සම්බාධක පනවා තිබෙනවා. එම තත්ත්වය මත එමීර් රාජ්‍යයෙන් තෙල් ගෙන එන නෞකා හිමිකරුට අදාළ පුවත්පත් වාර්තාව ගැටළුවක් වී ඇති බවයි සභාපතිවරයා පැවසුවේ. කෙසේ වෙතත් ලබන 10 වැනිදාට පෙර බොරතෙල් නැවක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන නමුත් එය වැළකී ගියහොත් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට සිදුවනු ඇති බවයි ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ.


ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More

දඹුල්ලේ එළවළු ගොවීන්ගේ චෝදනාව
Saturday, 23 May 2020 - 13:10

තමන් තවමත් පොහොර හිඟයකට මුහුණ පා සිටින බවට දඹුල්ලේ එළවළු... Read More

කොටස් වෙළදපොළේ වර්ධනයක්
Saturday, 23 May 2020 - 7:48

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More