සපුගස්කන්ද පිරිපහදුව වැසේ. තෙල් නැවක් අතරමග.

Sunday, 10 November 2013 - 13:30

%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A.+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9C.
බොරතෙල් නෞකා නියමිත දිනට නොපැමිණීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පසුගිය 8 වැනිදා රාත්‍රියේ සිට එම පිරිපහදුව වසා දැමීමට කටයුතු කළ බවයි එම සංස්ථාව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් දෛනිකව රුපියල් කෝටි 7 ක පමණ පාඩුවක් සිදුවන බවයි ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එහෙත් ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමය ප්‍රකාශ කරන ආකාරයට පිරිපහදුව වසා දැමීමෙන් විශාල පාඩුවක් සිදු නොවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එස්. අමරසේකර කියා සිටියේ.

එමෙන්ම අබුඩාබි රාජ්‍යයේ තෙල් නෞකාවක් ලබන අඟහරුවාදා මෙරටට පැමිණිමට නියමිත බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එස්. අමරසේකර තවදුරටත් ප්‍රකාශ කළා.


කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Friday, 29 May 2020 - 20:17

කොළඹ කොටස් වෙළඳ පොලේ මිල දර්ශක අද දිනයේ සුළු වශයෙන් පහත වැටීමක්... Read More

කොටස් වෙළදපොලේ වර්ධනයක්
Thursday, 28 May 2020 - 8:06

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More