ගල්, වැලි, පස්, මැටි ඇතුළු ඛනිජ ද්‍රව්‍ය සඳහා රාජ්‍ය භාගය ඉහළට.

Monday, 18 November 2013 - 19:50

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.


වැලි ඇතුළු සියලූම ඛනිජ කැණීම් සිදුකිරීමේදී අය කෙරෙන රාජ්‍ය භාගය අද (18) සිට ඉහළ දමා ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළා. මීට අමතරව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදා ගන්නා කළු ගල්, පස්, බොරලූ, ඩොලමයිට්, ගඩොල් සහ උළු නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා මැටි කැණීමේදී මෙතෙක් අය කළ සියයට දෙකේ රජයේ භාගය සියයට 4 දක්වා ඉහළ දමා තිබෙනවා.

රජයේ භාගය ඉහළ දැමීම නිසා වැලි මිල ඉහළ ගොස් ඇති බවයි මහවැලි එක්සත් ටිපර් ලොරි රථ සංගමයේ සාමාජික කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අද සිට සිදුකර ඇති නව සංශෝධනයට අනුව කර්මාන්ත සඳහා උපයෝගී කර ගනු ලබන අපනයනික ඛනිජ ද්‍රව්‍ය වන ඛනිජ වැලි සහ මිනිරන් සඳහා මෙතෙක් සියයට 5ක්ව පැවැති රාජ්‍ය භාගය සියයට 7 දක්වා ඉහළ නංවා තිබෙනවා. අපනයනය කරනු ලබන පාෂාණ වර්ගවල ද රාජ්‍ය භාගය ඉහළ නංවා ඇත්තේ සියයට 7කින්. මෙලෙස ඛනිජ ද්‍රව්‍ය කැනීමේදී අය කරන රජයේ භාගය ඉහළ දැමීමේ අරමුණ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සෙනරත් ජයසුන්දර ප්‍රකාශ කළා. 


කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More

කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More

හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More