වීඩියෝ: සඟවාගෙන සිටි කෝටි 08 කට අධික කිරිපිටි තොගයක් සීදුවෙන්.

Thursday, 05 December 2013 - 19:15

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+08+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
කිරිපිටි මිල ඉදිරියේදී ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් කිරිපිටි සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන සැගවීමේ උත්සාහයක නිරත වන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, කිරිපිටි මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.ඒ.එම්. ඩග්ලස් කියා සිටියේ. මෙලෙස සඟවා තිබූ කිරිපිටි කිලෝග්‍රෑම් 12,500 ක් වැලිසර ප්‍රදේශයේ පිහිටි ගබඩාවක තිබී අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙසම සඟවා තිබූ රුපියල් කෝටි 08 කට අධික වටිනාකමකින් යුත් ග්‍රෑම් හාර සියයේ කිරිපිටි පැකට් දෙලක්ෂ 57,658 ක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අද (05) අත්අඩංගුවට ගත්තේ සීදුව - කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි කිරිපිටි සමාගමකට අයත් පෞද්ගලික ගබඩාවක අසුරා තිබියදීයි. කෙසේ වෙතත්, ඉදිරියටත් සඟවා තිබෙන මෙවැනි කිරිපිටි තොග අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා වැටලීම් කණ්ඩායම් යොදවා ඇති බවයි පාරිභෝගක සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

වෙළඳපල තුළ කිරිපිටි තොග සඟවා ගැනීම සම්බන්ධයෙන් අද (05) පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. කොළඹ ජාතික විද්‍යා පදනමේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ කිරිපිටිවල ඞී.සී.ඞී ඇත්දැයි සිදුකරන ස්වාධීන පරීක්ෂණ ඉදිරියටත් සිදුකරන බවයි.



භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වන දා
Saturday, 06 June 2020 - 8:39

රුපියල් මිලියන 23,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්... Read More

කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More

කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More