සංචාරක ආදායම ඉහළට.

Tuesday, 10 December 2013 - 12:51

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඉපයූ ආදායම මේ වසරේ පළමු මාස 10 තුළ සියයට 26කින් වර්ධනය වී තිබෙනවා. එම කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් මිලියන 996 යි දශම 2 ක්. වසරේ මුල් මාස 10 තුළ දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව නවලක්ෂ හාරදහස් පහලොවක් වන අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 16 යි දශම 8 ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි. පසුගිය වසරේ දස ලක්ෂ පන්දහස් හයසිය පහක් සංචාරකයන් දිවයිනට පැමිණි අතර, මේ වසරේ ඉලක්කය සංචාරකයන් දොලොස් ලක්ෂයක්. එමගින් ඩොලර් බිලියන 1 යි දශම 5 ක විනිමය ආදායමක් ඉපයීමට අපේක්ෂා කෙරෙනවා. 


කොටස් වෙළදපොලේ වර්ධනයක්
Thursday, 28 May 2020 - 8:06

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More