ශ්‍රී ලංකාව හා සෞදි රජය අතර අවබෝධතා ගිවිසුමක්.

Saturday, 14 December 2013 - 19:29

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ  රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සෞදි අරාබි රජය අතර අවබෝධතා ගිවිසුමක් ලබන ජනවාරි මාසයේදී අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී ගෘහ සේවිකාවන් ලෙස සෞදි අරාබියේ රැකියාවන් සඳහා යන ශ්‍රී ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැකියා සඳහා පිටත්ව ගියද මෙවැනි අවබෝධතා ගිවිසුමක් පැවතියේ නැහැ. පසුගියදා සෞදි අරාබිය ඇතුලූ රටවල් 16 ක සහභාගීත්වයෙන් විගමනික ගෘහස්ථ කාන්තා ශ්‍රමිකයන් පිළිබඳ වූ කථිකාව හෙවත් ආසියා - ගල්ෆ් සංසදය කොළඹදී රැස්වුණා. එහිදී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් මෙම කාරණය සෞදි අරාබියාවේ නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා.