කට හඬින් ලොවම වසඟ කළ ගී කොකිළාවියගේ උපන් දිනය අදයි

Thursday, 12 March 2015 - 10:31

%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%AC%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B7%80%E0%B7%83%E0%B6%9F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
1984 වසරේ මාර්තු මස 12 වන දින උපත ලබන Shreya ඉන්දීය චිත්‍රපට පසුබිම් ගායනයේ සදාතනික රන් ස්වරය බවට පත්වන්නේ ඇගේ ජීවිතයේ අපූරු කඩඉම් පසු කරමින් , ඒ කඩඉම් අපූරු වන්නේ , ඒ හඬින් සැනසෙන්නට අප වරම් ලැබූ නිසාද නැත්තම් ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වන්නේය.
1995 වසරේ දී ඉන්දීය ළමා සංගීත තරඟයකින් ජයග්‍රහණය ලබන Shreya ඉන්දියාවේ ප්‍රකට ස.රි.ග.ම.ප. නම් සංගීත වැඩසටහනට එක්වීම ඇගේ දිවියේ සුවිශේෂී සටහනක් වුනා, 1997 වසරේදී ඉන් ජයග්‍රහණය ලබන ඇය ප්‍රථම වරට ගීයක් පටිගත කරන්නේ 1998 වසරේදී . ඒ ලතා මන්ගේෂ්කර් ගායනා කල ගීතයක් . ඉන් ඇරඹෙන ඇගේ ගායන දිවිය පුරාවට ඇය තබන සටහන් බොහොමයකි. ඇය චිත්‍රපට පසුබිම් ගී ගායනයට එක්වන්නේද ඉතා සුවිශේෂී වූ අහම්බයකිනි.

සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්ග්සාලිගේ මව ස.රි.ග.ම.ප. නම් වැඩසටහන නරඔන විට එහි තරඟ කල Shreya ව දැක ඇති අතර ඇගේ හඬෙහි ඇති අපූර්වත්වය නිසාම වැඩසටහන නරඹන ලෙස තම පුතුට පවසා තිබෙනවා. ඇයව නරඹන බන්ග්සාලි ඇගේ හඬ ‘‘දේවදාස්‘‘ හි පරෝ ගේ හඬට ගැලපෙනම හඬ ලෙස තීරණය කර තිබෙනවා. පසුව බන්ග්සාලි ඇයව සොයාගෙන ගියත් බන්ගසලිට මතක තිබී ඇත්තේ ඇගේ නමේ මුල් අකුර පමණි. එහෙත් ඇගේ හැඩහුරුකම් ඔස්සේ ඈ සොයාගැනීමට බන්ග්සාලි සමත් වෙනවා . ඒ අනුව 2000 වසරේදී Shreya දේවදාස් චිත්‍රපටය වෙනුවෙන් ගීත 5ක් පටිගත කරනවා . එහි විශේෂත්වය වන්නේ ඒ වනවිටත් ඇය 16වන වියේ පසුවීමත් එම ගායනය වෙනුවෙන් භාරත සුපිරි ගී තරු අභිබවා ඇය සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කීමත්ය . දේවදාස් චිත්‍රපටය ඇගේ වෘත්තීය ගායන ජීවිතයේ සම්භවය යැයි පැවසුවහොත් එය වරදක් නොවේ.

ඉන්පසු භාරතයේ නිපදවන චිත්‍රපට ගණනාවකට පසුබිම් ගායිකාවක් ලෙස සිය මධුර හඬ මුසු කරන Shreya හින්දි, බෙංගාලි, කන්නඩ, තෙළිගු ආදී භාෂා ගණනාවකින්ම ගීත ගායනය කර තිබෙනවා . රසිකයන් අමන්දානන්දයට පත් කල සිය මනමොහිනිය හඬ වෙනුවෙන් ඇය Filmfare ඇතුළු තවත් ජාතික සහ ජාත්‍යන්තර සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ අතර එම සම්මාන මෙපමණක් යැයි ගණනින් පැවසීමට දුෂ්කර වන්නේ , ඒ තරමට ඇගේ හඬ සම්මානයට පත්‍ර වී තිබීම නිසාය .

ඇමෙරිකාවේ Ohio ප්‍රාන්තයේ ජුනි මස 26 වන දිනය Shreya Ghoshal දිනය ලෙස නම් කර තිබෙන්නේත්, ඇය නමින් බොහෝ ස්ථාන නම් කර තිබෙන්නේත් ලොව පුරා රසිකයන්ගේ ආදරය නිසාමය.