සෙරීනා විලියම්ස් - ධනවත් අයට විකුණයි

Tuesday, 08 December 2015 - 7:22

%E0%B7%83%E0%B7%99%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%B0%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
ලෝක ප්‍රකට පිරැල්ලි කැලැන්ඩරයේ ලබන වසරේ මුද්‍රණයට සුවිශේෂ වෙනසක් කර තිබෙනවා. මීට පෙර විශේෂ නිරූපන ශිල්පිනියන්ගෙන් මෙන්ම නළු නිළියන්ගේ අඩ නිරුවත් මෙන්ම රාගාධික ඡායාරූපවලින් හැඩවුනු ඊට මෙවර ඇතුළත් කර ඇත්තේ අමරිකානු ටෙනිස් ශූරියක වන සෙරීනා විලියම්ස්ගේ සහ එමි ශූමර්ගේ ඡායාරූපයි.

 ඉතාලියේ මුද්‍රණය කෙරෙන පිරැල්ලි කැලැන්ඩරය තෝරාගත් පිරිසක් අතර පමණක් බෙදා හැරෙනවා... එය ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ලොව පුරා සිටින සුවිශේෂ ධනවත්  ප්‍රසිද්ධ මෙන්ම බලවත් පුද්ගලයන්ට පමණයි.

 මෙම සුවිශේෂ කැලැන්ඩරයට මීට පෙර ලොව වඩාත් ජනප්‍රියත්වයට පත්වු නළු  නිලියන්ගේ මෙන්ම නිරූපිකාවන්ගේ අඩ නිරුවත් ඡායාරූප ඇතුළත් කර තිබුනා.

පිරැල්ලි කැලැන්ඩරයේ  මුද්‍රණය ආරම්භ කෙරුනේ 1963දී.

එහෙත් 1974 වසරේ ගැටලු කිහිපයක් හේතුවෙන් අත්හිටවු එය වසර 10 කට පසු යළි මුද්‍රණය ආරම්භ කෙරුනා.

 එතැන් සිට මේ දක්වා පිරැල්ලි කැලැන්ඩරය අඛණ්ඩව මුද්‍රණ කෙරෙනවා.

මෙවර එහි ඇතුළත්ව ඇති ඡායාරූප කිහිපයක් සහ එම ඡායාරූප ලබාගත් අවස්ථාවේ වීඩියෝ පහතින්...  



\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"