මිලියනපතියෙක් සහ ලක්ෂපතියන් 10ක් - වාලම්පුරිය රටම කළඹයි

Monday, 11 January 2016 - 11:36

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
ගුවන් විදුලි ඉතිහාසයේ වැඩිම ත්‍යාග ප්‍රමාණයක් පිරිනමන ෂා FM  වාලම්පුරිය තරගයේ ප්‍රථම මහා දිණුම් ඇදීමෙන්  ත්‍යාග ප්‍රදානය කෙරුණා. එහි සුපිරි ජයග්‍රාහකයා බවට පත්වෙමින් රුපියල් මිලිනයක් දිනාගත්තේ වව්නියාව - යාපනය පාරේ පදිංචි ඊ. නිව්ටන් මහතායි.

ගුවන් විදුලි අසන්නන්ගේ සිහින, මුදලින් හා ත්‍යාගවලින් සැබෑ කරන ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන වන්නේ ෂා FM වාලම්පුරියයි. වාලම්පුරිය මන්ත්‍රය ඇසුණු වෙලාව තැපැල්පතක සඳහන් කර ෂා FM  වෙත එවීමෙන් හෝ ගමින් ගමට යන වාලම්පුරියට භාරදීමෙන් ජයග්‍රාහකයෙකු බවට පත්වීමට ඔබටත් අවස්ථාව හිමිවනවා.

එලෙස ඉදිරිපත්වූ ලක්ෂ සංඛ්‍යාත තැපැල්පත් අතුරින් පළමු මහා දිණුම් ඇදීමෙන් ජයග්‍රහණය කළ සුපිරි ජයග්‍රාහකයා හා අනෙකුත් ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රධානය කිරීමේ උත්සවය  කොළඹදී පැවැත්වුණා.

 රුපියල් මිලියනයක පළමු මහා දිණුම හිමිකරගත්තේ  වව්නියාවේ පී. නිව්ටන් මහතායි. සුපිරි ජයග්‍රාහකයාට අමතරව රුපියල් ලක්ෂය බැගින් දිනාගත් තවත් ජයග්‍රාහකයින් 10 දෙනෙකුට මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණා.

ස්කූටර්, හෝම් තියටර් සිස්ටම්, ලැප්ටොප් පරිගණක ඇතුළු සැනසිලි ත්‍යාග බෙදී තිබුණේ ෂා FM වාලම්පුරි ජයග්‍රාහකයින් අතරේයි.

ෂා FM වාලම්පුරිය තරගයේ මීළඟ අදියරේ සුපිරි ජයග්‍රාහකයා බවට පත්වීමට ඔබටත් අවස්ථාවක් හිමිවනවා. ඒ සඳහා කළ යුතුවන්නේ තරංග මාලා 90.9 හා 91.1 ඔස්සේ විකාශය වන ෂා FM  වාලම්පුරිය වැඩසටහනට සවන් දීමයි.



\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"