ග්‍රැමී සම්මාන (Grammy) උළෙලට තුන්වන වරටත් ශ්‍රී ලාංකිකයන්

Thursday, 04 February 2016 - 1:19

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B8%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%28Grammy%29+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී  ලාංකික කළාකරුවන් හා ව්‍යයවසායකයින් වන චරින් මෙන්ඩිස් සහ  යාත්‍රා  ජයවර්ධන පෙබරවාරි මස 15දා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවර ස්ටෙප්ල්ස් සෙන්ටර් හි පැවැත්වීමට නියමිත ග්‍රැමී සම්මාන උළෙලට සහභාගි වීමට නියමිතයි.

ඇමෙරිකාවේ National Academy of Recording Arts and Sciences ආයතනය මගින් මෙම ලොව සුපතල සම්මානය පිරිනමනු ලබන්නේ සංගීතය උදෙසා සිදුකරන ලද සුවිෂේශී දායකත්වය පිළිඹඹු කිරීමක් ලෙසයි.මෙම සම්මානය  ඔස්කාර්ස්, එමී හා අනෙකුත් එවැනි ලෝ ප්‍රකට සම්මාන හා සමාන ලෙස සැළකේ. ලෝකය පුරා මිලියන 30කට අධික රසිකයින් පිරිසක් විසින් ග්‍රැමී  සම්මාන උළෙල නරඹනු ලබන අතරම වෙන කිසිදු ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට නොදෙවෙනි මෙය, ඔස්කාර්ස් හා සමාන රසික පිරිසක් රැස්කරගෙන සිටී.

ජාත්‍යන්තර  කළාකරුවන් බොහෝමයක් සමග රහස් නිශ්පාදකවරයෙක්, පද රචකයෙක් හා ශබ්ද ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කල චරින් මෙන්ඩිස් හට 2012 වසරේදී ග්‍රැමී සම්මාන උළෙල සඳහා  පළමු  ආරාධණාව ලැබුනි.

චරින් මෙන්ඩිස් ද නිර්මාණ හා ව්‍යයවසායකයෙක් වන අතරම, ඉතා ඉහල සුදුසුකම්ලත් සංගීතඥයෙක් ලෙසද නම් දරා සිටී. ස්ට්‍රෝබෙරි ෆිල්ඩ්ස් (STRAWBERIFIELDS) ආයතනයේ සම-නිර්මතෘ ලෙස කටයුතු කරන මොහු මෙම නිර්මාණාත්මක වෑයම පවත්වාගෙනයනු ලබන්නේ ඔහුගේ ව්‍යාපාර කොටස්කරු වන යාත්‍රා  ජයවර්ධන සමගයි.

 ඔහුගේ සංගීත කණ්ඩායම වනිද බැටරී’ (THE BATTERII)   මෙම වසරේදී නව මුහුණුවරකින් යළි  ක්‍රියාත්මක කරන  ලද අතර, ඔවුන්ගේ ඇල්බමයක්ද මෙම වසර අවසානයේ නිකුත් කිරීමට සියල්ල සූදානම්ව පවතී.

 යාත්‍රා ජයවර්ධන හා චරින් මෙන්ඩිස් සංගීත ක්ෂේත්‍රයේ සියා මොස් (ZIA MOZ) හා ජෙක්ස්ටර් ග්රයින් (JEXTR GRIIN) යන නම්වලින් හදුන්වනු ලබයි.  එක්ව නිර්මාණය කරන ලද පොප්සයිකල් (POPSYCLE) ඇල්බමය මෙම වසරේ ජූනි මස ලොව පුරා නිකුත් කිරීමට සුදානම් අතර, මෙහි දැනට නිකුත් කරන ලද ගීතය මෙ වන විටත් ජාත්‍යන්තරව සාර්ථක ලෙස රසිකයින් අතරට පැතිර ගොස් ඇත.


පස්වන වරටත් ආරාධනා  ලද චරින් මෙන්ඩිස් තෙවනවරට යාත්‍රා  ජයවර්ධන සමග මෙම සම්මාන උළෙලට සහභාගීවීමට නියමිත අතර, ඔහු පවසා සිටියේ   \"... කිහිප විටක් මෙම උළෙලට සහභාගි වුනත් තවමත් මට දැනෙන්නේ මුල් අවස්ථාවෙදී දැණුනු සතුටමයි...\" ලෙසය.

මීට කෙටි කලකට ඉහතදී අපගෙන් සමුගත්, අප රටේ  බතික් කර්මාන්තයේ පුරෝගාමීත්වය දැරූ, ස්වනී ජයවර්ධන - ව්‍යාපාරික කාන්තාවක්, සංගීත රචිකාවක් හා විලාසිතා නිර්මතෘවරියක් ලෙස නම් දරා සිටින යාත්‍රා  ජයවර්ධනගේ මිත්තණියයි. එමෙන්ම ඇමෙරිකාවෙහි Songwriters Hall Of Fame හී සාමාජිකත්වය ලබා ගැනීමට වාසනාව ලද ප්‍රථම හා එකම ශ්‍රී  ලාංකික කාන්තාවද ඇයයි.

 සංගීත  ක්ෂේත්‍රය උදෙසා සිදුකල දායකත්වය හේතුවෙන්ම,  ඇය දැනට ග්‍රැමී සම්මාන පහකින් පිදුම් ලද Devine Evans   විසින් රචිත Queen Latifah වැනි ලෝ ප්‍රකට කළාකරුවන් විසින් පැසසුම් ලද,The Diary Of A Songwriter නම් පොතෙහිද යාත්‍රා  ජයවර්ධන පිළිබද සඳහන් වී ඇත. මෙම රචනාවෙහි සඳහන් වන්නේ කාන්තාවක් ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට උත්සාහ දැරීමේදී මුහුනපැමට සිදුවන අභියෝගයන් පිළිබදවයි. එමෙන්ම මෙම ග්‍රන්ථයේ එකම ආසියානු චරිතය ලෙස ඇතුලත්වී සිටින්නේද ඇයයි. \"......මෙවැනි සුවිෂේශී වෑයමක කොටස්කාරියක් වීමට ලැබීම මට අදහාගන්නවත් බැහැ...\" ඇය පවසා සිටියා.
ග්‍රැමී උත්සවයටත්, එම සම්මන උළෙලේ ප්‍රමුඛතම විකාශය හා ලොව පුරා විකාශයටත් සහභාගිවීමට සූදානම්ව සිටී. මේ අතරම ඔවුන්ගේ ඇල්බමය වන පොප්සයිකල් (Popsycle) සම්බන්ධයෙන් කතා කිරීමටත්, අනගතයේ ලොකප්‍රකට නිෂ්පාදකවරුන් හා කළාකරුවන් සමග කිරීමට බලාපොරොත්තුවන නිර්මාණ සැළසුම් කිරීමටත් ඔවුන් සූදානමින් සිටී.

මේ වසරේ ග්‍රැමී (Grammy) උළෙලේදී Adele, Kendrick Lamar, Ellie Goulding, James Bay, Tori Kelly, Sam Hunt, Carrie Underwood, Little Big Town, The Weekend වැනි කළාකරුවන් රාශියක් තම සංගීත නිර්මාණයන් ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇත.