රන් වළසා සංක්‍රමණිකයන් වෙතට

Sunday, 21 February 2016 - 11:22

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B6%A7
ජර්මනියේ බර්ලින් සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි රන් වළසා සම්මානය හිමිකරගැනීමට මුහුදේ ගින්න හෙවත් ෆයර් ඇට් සී චිත්‍රපටය ඊයේ සමත්වුණා.

ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්‍ෂ ගියන්ෆ්‍රැන්කෝ රොසී නිර්මාණය කළ මෙම චිත්‍රපටයෙන් කියවෙන්නේ යුරෝපයේ සංක්‍රමණික අර්බුදය පිළිබඳවයි.

මධ්‍යධරණී මුහුද හරහා අනාරක්ෂිත මුහුදු ගමනක නිරතවී ඉතාලියේ ලම්පෙඩූසා දිවයින වෙත පැමිණෙන සංක්‍රමණිකයන්ගේ ඉරණම පිලිබඳව මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.

මුහුදේ ඛේදවාචකයන්ට මුහුණදෙන සංක්‍රමනිකයන් පිළිබඳ ලෝකය දැනුවත් කිරීම සඳහා මෙම චිත්‍රපටය හේතුවනු ඇති බවයි විනිශ්චය මණ්ඩලය මෙහෙයවූ හොලිවුඞ් සිනමා නිළි මර්ල් ස්ට්‍රීප් සඳහන් කළේ.

එහි රූප රාමු කිහිපයක් පහතින්.






සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු එළියට ආ අන්තිම කැමැත්ත
Monday, 22 June 2020 - 18:09

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ... Read More

වසර 40කට පසු ඔස්කාර් සම්මාන උළෙල කල් දැමේ
Tuesday, 16 June 2020 - 10:04

ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකෙන ඔස්කාර්... Read More