මැඩෝනා තහනම් වෙයි

Saturday, 27 February 2016 - 9:41

%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු පොප් ගායිකා මැඩෝනාට තම රට තුළ තහනමක් පැනවීමට පිලිපීන බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ, ඇය පිලිපීනයේ පැවති ප්‍රසංගයක් අතරතුර එරට ජාතික ධජයට අගෞරව කිරීමේ සිද්ධියක් හේතුවෙන්.

රෙබල් හාට් නැමති ගීත ඇල්බමය ප්‍රවර්ධනය කිරීම පිණිස පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පිලිපීනයේ මැනිලා අගනුවර විශේෂ ප්‍රසංගයක් පැවැත්වුණා.

එහිදී ඇය පිලිපීන ජාතික ධජය සිය සිරුර පිටුපසින් සළුවක් ලෙස ඇඳුමට එක් කරගනිමින් නර්තනයක් ඉදිරිපත් කළා.

ඇය පිලිපීනය තුළ තහනමට ලක්කර ඇත්තේ මේ හේතුවෙන්.

57 හැවිරිදි මැඩෝනා ලූයිස් ලොවපුරා සිය ගීත ඇල්බම ප්‍රචාර වැඩසටහන් සඳහා සුලබව මෙවැනි ප්‍රසංග සංවිධානය කරනු ලබනවා.