ප්‍රීටි සින්ටා යුග දිවියට

Thursday, 03 March 2016 - 7:37

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළියක් වන ප්‍රීටිි සින්ටා යුග දිවියට එළඹ තිබෙනවා.

ඒ අමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදීයිග ඊට පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වී ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.

ප්‍රීටි සින්ටා විහාහ වන බවට පසුගිය සමයේ පැවති කට කථා සත්‍යයක් බවට පත් කරමින් පසුගිය 29 වනදා මෙම විවාහ මංගල්‍ය සිදුවී තිබෙනවා.

සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රවලට අනුව එම කටයුතු  සිදුවු බව සඳහන්.

ඇයගේ මංගල උත්සවයට රතු රෝස සහ සුදු පැහැයන්ගෙන් යුත් මල් යොදා ගනිමින් ඉතා අලංකාර සැරසිලි ද කර තිබෙනවා.

ප්‍රීටි සින්ටාගේ අතිනත ගත් මනාලයා වුයේ ලොස් ඇන්ජලීස් විදුලිබල නිශ්පාදන ආයතනයක ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කරන ජෙනී ගුඩ්ඉනෆ් නම් අයෙක්.

ඔහු තවදුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටින බව ද සඳහන්.

ඔහු සහ සුපිරි බොලිවුඩ් නිළිය දීර්ඝ කාලයක සිට මිතුරන් ලෙස සිටි බවයි වාර්තා වන්නේ.