සන්ජේ දත් බන්ධනාගාරයේදී ගත් අසීරු තීරණයක් ගැන හෙළි වෙයි

Thursday, 03 March 2016 - 12:02

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%9A+%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සන්ජේ දත් සිරගතව සිටි සමයේ සිය දරුවන්ට බන්ධනාගාරය තුලට පැමිණීමට අවස්ථාව ලබා නොදීම පිළිබඳ මේවන විට කරුණු අනාවරණ වී තිබෙනවා.

වසර 3 ක් පමණ සිරගතව සිටි සුපිරි නලුවා පසුගියදා නිදහස් කෙරුනා.

බන්ධනාගාර පරිශ්‍රය තුලදී තමා සිටින ආකාරය දැක ගැනීමට ළමුන්ට අවස්ථාව ලබා නොදුන්නේ ඔවුන් කණගාටු වීම වැලැක්වීමට බවයි සන්ජේ දත් ප්‍රකාශකර ඇත්තේ.

සිරකරු ඇඳුම පැළඳ සිටින තමා දුටු විට දරුවන් දෙදෙනා දුකට පත්වන බැවින් සහ කෙටි වේලාවකට තමාට දරුවන් සමග ගත කිරීමෙන් ඵලක් නොවන බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් දරුවන්ට බන්ධනාගාරයට පැමිණීමට අවස්ථාව ලබා නොදුන් බවයි සන්ජේ දත් ප්‍රකාශ කලේ.

එය ඉතා දුෂ්කර තීරණයක් වුව ද ළමුන්ගේ සතුට වෙනුවෙන් එම තීරණයට එළඹුනු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

සන්ජේ දත් බන්ධනාගාරයේදී සිටියදී ගත් එම දැඩි තීරණයට ඔහුගේ බිරිඳ ද සහය දක්වා තිබෙනවා.

එය තම දරුවන්ගේ සතුට වෙනුවෙන් ගත් තීරණයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙන්නේ සන්ජේ දත් නිදහස් වී යළි පැමිණීමෙන් පසු ඔහුගේ දියණිය සහ පුත්‍රයා දැඩි සතුටකින් පසුවන බවයි.