ශාරුක් ලිංගික විපර්යාසවලට ලක්වුවන් සමග එක්වෙයි

Tuesday, 08 March 2016 - 14:52

%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ ලිංගික විපර්යාසවලට ලක්වුවන් පිරිසක් විසින් ආරම්භ කල සංගීත කණ්ඩායම සමග සුපිරි නලු ශාරුක් ඛාන් නර්තනයක නිරතවී තිබෙනවා.

මෙම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සහ ශාරුක් ඛාන් අතර විශේෂ හමුවක් පැවති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.

එම හමුවෙන් පසු ලබන අප්‍රේල් මාසයේ එළිදැක්වීමට නියමිත ෆෑන් චිත්‍රපටයේ තේමා ගීතය ලිංගික විපර්යාසවලට ලක්වුවන් විසින් ගායනා කර ඇති අතර ශාරුක් ඛාන් එම ගීතයට නර්තනයේ යෙදී ඇති බව සඳහන්.

එම අවස්ථාවේ වීඩියෝව මේවන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

ලිංගික විපර්යාසවලට ලක්වු ඉන්දියානුවන් 6 දෙනෙකු එක්ව පසුගියදා සංගීත කණ්ඩායමක් ආරම්භ කල අතර එය නම්කර ඇත්තේ සික්ස් පැක් ලෙසටයි.