කත්රිනා පැපරාසින්ට සැගවු රහස හෙළි වෙයි

Wednesday, 23 March 2016 - 11:16

%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9C%E0%B7%80%E0%B7%94+%E0%B6%BB%E0%B7%84%E0%B7%83+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රන්බීර් කපුර්ගෙන් වෙන්වීමත් සමග කත්රිනා කයිෆ් නව නිවසක් සොයාගෙන තිබෙනවා.

බොලිවුඩ් සුපිරි නිළිය නව නිවසක් සොයන බව පසුගිය සමයේ ඉන්දීය මාධ්‍ය ඔස්සේ ඉහළ ප්‍රසිද්ධියක් ලබාදී තිබුනා.

අවසානයේදී කත්රිනා නව නිවසක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇයට නිවසක් සොයා ගැනීම සඳහා සුපිරි නලු සල්මන් ඛාන්ගේ ව්‍යාපාර කළමණාකරු ද දැඩි සහයක් ලබාදී ඇතැයි සඳහන්.

මෙම වැඩ කටයුතුවලදී සුපිරි නිලිය පැපරාසීන්ට ද අනතුරු අගවා තිබුනේ තමා ලුහුබැඳීමෙන් වලකින ලෙසටයි.

එසේ වුවහොත් තමා නීතිමය පියවර ගන්නා බවට ද ඇය අවධාරණය කර තිබු බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

කත්රිනාගේ නව නිවස මුහුද ආසන්නයේ සුන්දර ස්ථානයක පිහිටි එකක් බව සඳහන්.

වර්ග උඩි 2800 ක පමණ වපසරියකින් යුත් විශාල නිවස මහල් ගොඩනැගිල්ලක 4 වන මහලේ පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

කත්රිනා කයිෆ් විශාල නිවසක් සොයා ගැනීමට වැඩි සැලකිල්ලක් දක්වා ඇති හේතුව ද මේවන විට අනාවරණ වී තිබෙනවා.

එනම් ඇය නිරන්තරයෙන්ම තම සහෝදරියන් 7 දෙනාට සහ මව තමා අසලම තබා ගනිමින් සත්කාර කිරීමට කැමැත්තක් දැක්වීම හමුවේ විශාල නිවසක් සොයාගෙන ඇති බවයි හෙළිවන්නේ.

පසුගිය සමයේ රන්බීර් කපුර් සමග ජීවත්වු කත්රිනා කයිෆ් එම සම්බන්ධතාව බිඳ වැටීමත් සමග නව නිවසක් සොයා ගැනීමට උනන්දු වු බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කලා. 




බුකිය කළඹපු සරාගී රංගන ශිල්පිනියගේ අමුතුම ඡායාරූපය (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 18:41

2011 වසරේ ඉන්දීය රූ රැජිණ කිරුළ හිමිකරගත් සරාගී රංගන ශිල්පී... Read More

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - (Photos)
Monday, 23 March 2020 - 11:37

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම... Read More