සනී ලියොන්ට අසභ්‍ය ප්‍රශ්ණයක්

Friday, 25 March 2016 - 14:38

%E0%B7%83%E0%B6%B1%E0%B7%93+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බොලිවුඩයේ සරාගී නිළියක් වන සනී ලියොන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්ණයක් විමසු බීමත් අයෙකුට ඇය විසින් අතුල් පහරක් එල්ලකර තිබෙනවා.

සුපිරි නිළිය නවාතැන්ගෙන සිටින ඉන්දියාවේ ගුජ්රාට් ප්‍රාන්තයේ හෝටලයකදී මෙම සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙන්නේ.

එහිදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් නියෝජනය කරන අයෙක් සනී ලියොන්ගෙන් විමසා ඇත්තේ රාත්‍රී කාලයේ රූගත කරන දර්ශණයක් සඳහා ඇය කොතරම් මුදලක් අය කරන්නේ ද යන්නයි.

එමෙන්ම තවත් අසභ්‍ය ගණයේ ප්‍රශ්ණ කිහිපයක් ඔහු සුපිරි නිළිය වෙත යොමුකර තිබෙනවා.

ඔහු මෙම ප්‍රශ්ණ ඉතා උපහාසාත්මක අයුරින් විමසා ඇති බවයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙන්නේ.

සනීලියොන් නවාතැන් ගෙන සිටින හෝටලයේ පැවති උත්සවයකට ඇය සහභාගී වීමට පැමිණෙමින් සිටියදී අදාළ පුද්ගලයා මෙම ප්‍රශ්ණය විමසා ඇතැයි සඳහන්.

එම ප්‍රශ්ණ හමුවේ කෝපයට පත්වු සනී ලියොන් මාධ්‍යවේදියකු බව පැවසෙන අදාළ පුද්ගලයාට අතුල් පහරක් එල්ලකර තිබෙනවා.

මාධ්‍යවේදීන් තමාගෙන් ඉවත්කර තබන ලෙසට සනී ලියොන් උත්සව සංවිධායකයන්ට උපදෙස් ලබාදී තිබුන ද එය සිදුවී නොමැති බව ද සඳහන්.

අදාළ සිදුවීමට පෙර කිසියම් බීමත් පුද්ගලයකු හදිසියේම සුපිරි නිළියගේ කාමරයට කඩා වැදී ඇයගෙන් අසභ්‍ය ගණයේ ප්‍රශ්ණ විමසා ඇතැයි ද ඉන්දීය වාර්තා පෙන්වා දෙනවා.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳ කිසිදු පැමිණිල්ලක් හෝ පොලිසියට නොකරන බව සනී ලියොන්ගේ සැමියා ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදී ගුජ්රාට් ප්‍රාන්තයට පැමිණීමට පෙර බොලිවුඩ් සුපිරි නිළිය දෙවරක් නොව දහස් වරක් සිතා බලනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


බුකිය කළඹපු සරාගී රංගන ශිල්පිනියගේ අමුතුම ඡායාරූපය (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 18:41

2011 වසරේ ඉන්දීය රූ රැජිණ කිරුළ හිමිකරගත් සරාගී රංගන ශිල්පී... Read More

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - (Photos)
Monday, 23 March 2020 - 11:37

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම... Read More