සුපිරි නළු ටෝනි ජා නූලෙන් බේරෙයි

Wednesday, 20 April 2016 - 11:33

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B1%E0%B7%96%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ටෝනි ජා කියූ සැණින් ඔබේ සිහියට නැඟෙන්නේ සුපිරි සටන් නළුවෙකුගේ රුවයි.

ඔන් බැක් චිත්‍රපට මාලාවෙන් කරලියට ආ ටෝනි ජා ලොව පුරා රසික හදවත් දිනා ගත්තේ ඉතාමත් කෙටි කාලයකදීයි.

ඔහු රඟන නවතම සිනමා නිර්මාණය එළඹෙන මැයි මස 13 වනදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.

ඒ Kill Zone 2 නමින්.

Tony Jaa, Jing Wu, Simon Yam ඇතුලු රංගන ශිල්පීන් නිර්මාණයට සටන්කාමීත්වය මැනවින් එක් කර තිබීම විශේෂ වනවා.

Pou-Soi Cheang ගේ අධ්‍යක්ෂණයක් වන මෙම නිර්මාණය Ying Wong ගේ කතාවකට Lai-yin Leung විසින් සැකසූ තිර පිටපතකින් රසවත් වී තිබෙනවා.

නිර්මාණයේ ඔහු මුහුණ දෙන විශිෂ්ඨ සටන් ජවනිකා අතර ටෝනි ජා තමන්ගේ සියුම් සටන් හැකියාවන් පෙන්වා බේරෙන අයුරු ප්‍රේක්ෂකයා වඩාත් නිර්මාණයට ඇලුම් කරන්නට හේතු වනු ඇති බවටයි මත පලවන්නේ.

මේ එහි පූර්ව ප්‍රචාරක පටයයි.