කරීනා කපුර් ගැන තවත් කට කථාවක්

Friday, 03 June 2016 - 13:55

%E0%B6%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බොලිවුඩයේ සුපිරි නිළියක් වන කරීනා කපුර් ගැබිණියක් බවට පත්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා හෙළිකර තිබෙනවා.

කෙසේවෙතත් මෙතෙක් එම තොරතුරු නිශ්චිතව තහවුරු වී නැහැ.

මිට පෙර අවස්ථාවකදී ද කරීනා කපුර් ගැබ්ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කල ද එය නිවැරදි කරුණක් නොවු බවයි පසුව හෙළි වුයේ.

එහෙත් මේවන විට ලන්ඩනයට ගොස් ඇති කරීනා කපුර් සිය සැමියා වන යසිෆ් අලි ඛාන් සමග මාසයකට වැඩි කාලයක් එහි ගතකර තිබුනා.

ඒ සයිෆ් අලි ඛාන්ගේ චිත්‍රපටයක රූගත කිරීම් සඳහායි.

මේවන විට ඔවුන් යළිත් ඉන්දියාවට පැමිණ ඇති අතර ඒ පැමිණීමෙන් අනතුරුවයි කරීනා සම්බන්ධ මෙම තොරතුරු මාධ්‍ය විසින් හෙළිකර ඇත්තේ.

කරීනා කපුර්ගේ සැමියා වන සයිෆ් අලි ඛාන්ගේ මීට පෙර විවාහයේ දරුවන් දෙදෙනා ද කරීනා සමග ඉතා සුහදශීලීව කටයුතු කරන බවයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙනවා.

කරීනා කපුර් ගැබිණියක් බවට පත්ව ඇතැයි පළව යන වාර්තා සත්‍යයක් වුවහොත් ඒ කරීනාගේ පළමු දරුවා වනු ඇති.