ශාරුක් ඛාන් අලුත් වාර්තාවක් අතරට

Wednesday, 13 July 2016 - 14:37

%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
ලොව ඉහළම ආදායමක් ලබන ජනප්‍රිය පුද්ගලයන් අතරට බොලිවුඩ් සුපිරි නලු ශාරුක් ඛාන් සහ අක්ෂේ කුමාර් පැමිණ තිබෙනවා.

සුප්‍රකට ෆෝබ්ස් සගරාව විසිනුයි මෙම තොරතුරු ප්‍රකාශයට පත්කර ඇත්තේ.

ඉහළම ආදායමක් ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම වසරට අදාළව නිකුත්කල වාර්තාවේ ශාරුක් ඛාන්ට හිමිව ඇත්තේ 86 වන ස්ථානයයි.

එම ලැයිස්තුවේ 94 වන ස්ථානයේ අක්ෂේ කුමාර් පසුවනවා.

සුප්‍රකට ෆෝබ්ස් සගරාව පෙන්වාදී ඇත්තේ ශාරුක් ඛාන් ඩොලර් මිලියන 33 ක් උපයා ඇති බවයි.

අක්ෂේ කුමාර් ඩොලර් මිලියන 31.5 කට හිමිකම් කියනවා.

ඉහළ ආදායමක් උපයන ජනප්‍රිය පුද්ගලයන් නම් කෙරෙන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලැබී ඇත්තේ අමරිකාවේ ජනප්‍රිය ගායිකාවක වන ටේලර් ස්විෆ්ටයි.

ඇයගේ ආදායම ඩොලර් මිලියන 170 ක්.