කබාලි එන විට ඉන්දියාවේ ලොකු වෙනසක්

Friday, 22 July 2016 - 10:33

%E0%B6%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%91%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය දමිළ සිනමාවේ ජනප්‍රිය නලුවකු වන රජිනි කාන්ත් රඟන නවතම චිත්‍රපටය කබාලි අද තිරගත වනවා.

දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයන් සිය සේවකයන්ට අද නිවාඩු දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙම චිත්‍රපටය නැරඹීම සඳහායි.

ව්‍යාපාර හිමිකරුවන් පෙන්වා දෙන්නේ සේවකයන් විවිධ හේතු දක්වා නිවාඩු ගැනීම මෙන්ම ජංගම දුරකථන ක්‍රියා විරහිත කර සේවයට නොපැමිණීම මගහරවා ගැනීමට මෙම පියවර ගත් බවයි.

චෙන්නායි සහ බැංගලෝරයේ ඇතැම් සමාගම් ද අද නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති අතර සේවකයන්ට චිත්‍රපටය නැරඹීමට නොමිලේ ප්‍රවේශපත්‍ර ද ලබාදී තිබෙනවා.

රජිනි ඛාන්ත්ගේ නවතම චිත්‍රපටය වන කබාලි අද ඉන්දියාවේ සිනමා ශාලා දොලොස් දහසකට වැඩි ප්‍රමාණයක තිරගත වනු ඇති.

ආසියාවේ වැඩිම මුදලක් අයකරන නලුවන්ගෙන් අයෙක් වන රජිනි ඛාන්ත් ඉන්දියාවේ වැඩි වශයෙන් බැංකු ගනුදෙනු සිදුකරන නලුවෙක් බවට ද වාර්තා අතරට එක්ව තිබෙනවා.

මේ අතර කබාලි චිත්‍රපටය ප්‍රදර්ශණය කිරීමත් සමග බැංගලෝරයේ සිට චෙන්නායි අතර විශේෂ ගුවන්යානයක් ද ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

එහි රජිනි ඛාන්ත් කැමති ආහාර වර්ග ද ලබාදීමට සැලසුම්කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

දකුණු ඉන්දියාවේ එක් පුද්ගලයකු ප්‍රකාශකර ඇත්තේ තමා අද අඛණ්ඩව මෙම චිත්‍රපටය අවස්ථා 10 කදී නැරඹීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම රජිනි කාන්ත් තමාගේ මව පියා මෙන්ම දෙවියා ද වන බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.