සරාගී කිම්ට ප්‍රංශයේදී ඇබැද්ධියක්

Monday, 03 October 2016 - 12:15

%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක ප්‍රසිද්ධ සරාගී නිරූපිකාවක් වන කිම් කාඩේෂන් ප්‍රංශයේ පැරිස් නුවර හෝටලයකදී නොසිතු සිදුවීමකට මුහුණපා තිඛෙනවා.

ඒ ඇය නතර වී සිටි හෝටල් කාමරයට පැමිණි කිසියම් පිරිසක් ගිනි අවියක් පෙන්වා ඇයගේ දේපළ කොල්ලකෑමට උත්සාහ කිරීමයි.

මෙම සිද්ධිය සැලවු වහාම ජනප්‍රිය රැප් සංගීත තරුවක් වන කිම් කාඩේෂන්ගේ සැමියා ද නිව්යෝර්ක් නුවර ප්‍රසංගයක් ද නවතා හදිසියේම පැමිණ ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

පොලිස් නිලධාරීන් ලෙස සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවි රැගෙන කිම් කාඩේෂන් නතර වී සිටි හෝටල් කාමරයට පැමිණ තර්ජනය කර තිඛෙනවා.

පසුව ඔවුන් ඇය සතුව තිබු ඩොලර් මිලියනයක් පමණ වටිනා ආභරණ රැගෙන පළාගොස් ඇතැයි සඳහන්.

මෙම සිද්ධියෙන් ඇය දැඩි කම්පනකට ලක්ව ඇතත් කිසිදු ශාරීරික හිංසනයකට ලක්ව නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය පැරිස් නුවර ආරක්ෂක අංශ ද තහවුරු කර තිඛෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

35 හැවිරිදි සරාගී නිරූපිකාවක් වන කිම් කාඩේෂන් පැරිස් නුවරට පැමිණ ඇත්තේ එහි පැවැත්වෙන නිරූපණ සංදර්ශණයකට සහභාගී වීම සඳහායි.

ඇය සමග ඇයගේ සහෝදරියක් සහ මවද පැමිණ තිබු බව සඳහන්.

පසුගිය සතියේද කිම් කාඩේෂන් සිප ගැනීමට කිසියම් පුද්ගලයකු උත්සාහ ගෙන තිබු අතර ඇයගේ ආරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් එය ව්‍යර්ත වී ගොස් තිබුනා.