අවුරුදු 20ට පසු The Ministry of Utmost Happiness සමගින් කරලියට පැමිණෙන අරුන්දතී රෝයි

Tuesday, 04 October 2016 - 9:57

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+20%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+The+Ministry+of+Utmost+Happiness+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AD%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B7%92
ප්‍රකට ලේඛිකා අරුන්දතී රෝයි සිය අලුත්ම නවකතාව එළිදැක්වීමට සූදානම් වනවා.

The Ministry of Utmost Happiness ලෙසින් නම් කර ඇති එය ඇයගේ දෙවන නවකතාවයි.

The God of Small Things  නවකතාව ඇයගේ ප්‍රථම නවකතාව වන අතර ඇයට ඒ සදහා 1997 වර්ෂයේ දී Booker සම්මානය හිමිවුනා.

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ඇය 2010 වර්ෂයේ දී සිරභාරයටද පත්වුනා.

සිඩ්නි සාම පදනම මගින් ලබාදෙන සිඩ්නි සාම ත්‍යාගයද 2004 වසරේ දී හිමිවූයේ අරුන්දතී රෝයි හටයි.

ඇයගේ නවතම කෘතිය 2017 ජුනි මාසයේ ප්‍රකාශයට පත්වනු ඇති.