මියගියත් ආදායම් උපයන මයිකල් ජැක්සන්

Thursday, 13 October 2016 - 16:45

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
අභාවප්‍රාප්ත වු කලාකරුවන් අතරින් මරණයට පත්වු පසුවත් වැඩිම ආදායමක් ලැබෙන පුද්ගල ලැයිස්තුවේ පළමු තැනට මයිකල් ජැක්සන් පත්වී තිබෙනවා.

ෆෝබ් සගරාව කල විමර්ශණයකදීයි මෙම කරුණු අනාවරණ වුයේ.

මයිකල් ජැක්සන්ගේ ගීත අඩංගු සංයුක්ත තැටි මෙන්ම එම ගීත දර්ශක අඩංගු සගරා අලෙවිය මගින් මෙම මුදල් ලැබෙන බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙනවා.

පසුගිය වසරේ පමණක් මයිකල් ජැක්සන්ගේ නමට ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 825 ක්.

සුපිරි පොප් ගායකයා මරණයට පත්වු 2009 වසරේ සිට මේ දක්වා සෑම වසරකදීම අදාළ ලැයිස්තුවේ ඔහුගේ නම පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

එහෙත් 2012 වසරේ පමණක් මයිකල් ජැක්සන්ගේ ද මිතුරියක වු සුපිරි නිළි එළිසබෙත් ටේලර් එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වු අතර ඇය මෙම වසරේ 13 වන ස්ථානයට පත්ව ඇතැයි සඳහන්.

\"\"