සියදිවි හානිකරගැනීමට පෙර සිහිකළ යුතු දේ දැක්වෙන වීඩියෝවක් එලියට

Monday, 17 October 2016 - 9:34

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
සියදිවි හානිකරගැනීම් පිළිබඳව අද සමාජය තුළ නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙනවා.

ජීවිතය තුළ මුහුණදෙන්නට සිදුවන ගැටලු ජීවිතයට ලැබෙන අලුත් පාඩම් ලෙස සලකා ඒවා විසඳා ගැනීමයි නිරතුරුම කලයුතු වන්නේ.

කෙසේ වෙතත් ජීවිතයේ නොසිතූ අවස්ථාවක මුහුණදෙන අභියෝග මැද නොසැලී සිටීමේ ශක්තියද පවතින්නේ මිනිසා තුලමයි.

ජීවිතයට ගැටලු පැමිණි පසු තම වටිනා ජීවිතයට හානි කරගැනීමෙන් අදාළ ගැටලුවට කිසිදු විසඳුමක් නොලැබේ.

ඇති වන්නේ එම පුද්ගලයාට සහ ඔහුට බෙහෙවින් ආදරය කරන පිරිසට සදාකාලික වූ වේදනාවක්, දුකක් පමණි.

කිසිදු දහමක අනුමත නොකළ  අනුවණයන් ලෙස ඉක්මන් තීරණයක් ගතහොත් ඒ පිළිබඳව සිතමින් මුළු දිවි ඇති තුරා වැලපෙන දෙදෙනෙක් මෙලොව සිටී.

ඒ කුඩා කළ සිට තම දරුවන් ආදරයෙන් පරිස්සමින් ඇතිදැඩි කළ දෙමව්පියන්ය.

සියදිවි හානිකරගැනීමේ අනුවන තීරණයට පෙර මොහොතක් ඔහු තම දෙමව්පියන් පිළිබඳව සිහිකරයි නම් මොනයම් හේතුවක් නිසා වුවද ඔහු එම අනුවන ක්‍රියාව නොකරනු ඇති.

කෙසේ වෙතත් තම පියාගේ වියෝව තමන් අතින්ම සිදුවීම පිළිබඳව දුක්වන පුතෙකු කරන අමුතු ක්‍රියාවක් ආශ්‍රයෙන් සැකසුණු අමුතුම නිර්මාණයක් පසුගියදා අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

අදාල කෙටි චිත්‍රපටය සමාජයේ වෙනස්ම මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කෙරෙන නිර්මාණයක් බවට එය ලද සම්මාන සහතික කර තිබෙනවා.

ජීවිතය ගැන වෙනස් විදියට සිතන්න ඔබත් එය නරඹන්න.