සෙල්ෆි ඡායාරූපය නිසා ජස්ටින් ටිම්බර්ලේක් හිරේට යයිද?

Thursday, 27 October 2016 - 11:49

%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
ඇමෙරිකානු පොප් ගායක Justin Timberlake ඡන්ද මධ්‍යස්ථානක් තුලදී  ලබාගත්  ඡායාරූපයක් සම්බන්ධව මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ මෙම ක්‍රියාව හේතුවෙන් Justin Timberlake හට සිර දඬුවම් ලැබීමට ඉඩකඩද  ඇති බවයි.

නොවැම්බර් 8 වනදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත තුල ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව පොප් ගායක Justin Timberlake ද ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් සිටි අවස්ථාවේ ඡන්ද මධ්‍යස්ථානය තුලදී මෙම සෙල්ෆි ඡායාරූපය ලබාගෙන තිබෙනවා.

ඡායාරූපය ගැනීමෙන් පසුව  Justin Timberlake  එය වෙබ් අඩවි තුල පළකර තිබුනේ තමන් ලොස් ඇන්ජලීස් නුවර සිට මෙම්පීස් නගරයට පැමිණ ඡන්දය ප්‍රකාශ කල බවටයි.

කෙසේ නමුත් ටෙනිසීස් ප්‍රාන්තයේ ඇති නීතිය අනුව ඡන්ද මධ්‍යස්ථානයකදී ඡායාරූප ලබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව සදහන්.