ලොවම ආදරය කරන සුපිරි නළුවා ගොඩනැගිල්ලකින් පැන අනතුරට ලක්වෙයි

Tuesday, 15 August 2017 - 9:00

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සුපිරි නළු Tom Cruise රූගත කිරීමක් අතරතුරදී අනතුරකට ලක්ව තිබෙනවා.

ලොවම මහත් ආදරය කළ චිත්‍රපට මාලාව Mission Impossible හි 6 වන නිර්මාණයේ රූගත කිරීම අතරතුරදීයි ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

එහිදී එක් ගොඩනැගිල්ලක සිට තවත් ගොඩනැගිල්ලකට පැනීමට යාමේදීයි Tom ගේ එක් පාදයක් නොසිතූ ලෙස වේගයෙන් බිත්තියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නේ.

කෙසේ වෙතත් එම දර්ශනය ඔහු රූගත කරන්නේ ආරක්‍ෂිත කේබල් ආධාරයෙන් වීම හේතුවෙන් සිදුවූ අනතුර යම් තරමකට සීමා වූවා.

පසුව ඔහු මේ සඳහා ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවත රූගත කිරීම් සඳහා එක්වූ බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දර්ශන පහතින්.