හොලිවුඩ් පුරවරයෙන් රිදී තිරයට එන Pacific Rim Uprising

Tuesday, 20 March 2018 - 11:09

%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+Pacific+Rim+Uprising
සෑම විටම දැවැන්ත නිර්මාණ ලෝක සිනමාවට දායාද කරන හොලිවුඩ් පුරවරයෙන් නවතම නිර්මාණයක් මේ මාසයේදී එළිදැක්වීමට සැලසුම්කර තිබෙනවා.

Pacific Rim Uprising ලෙස නම් කර ඇති මෙම සිනමා නිර්මාණය හොලිවුඩ්යේ සිටින සුප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් වන ස්ටීවන් එස් ඩෙනයිට් ගේ නිර්මාණයක්.

වෙනස්ම තේමාවක් ඔස්සේ දිගහැරෙන මෙම සිනමාපටය පැය 01යි විනාඩි 51ක ධාවන කාලයකින් යුක්තයි.

ස්කොට් ඊස්ට්වුඩ්, ඇඩ්රියා අර්ජෝනා, ටියන් ජෙන්, ජෝන් බොයෙගා, චාලි ඩේ, බර්න් ගෝමන් වැනි සුපිරි  හොලිවුඩ් නළු නිළියන් මෙම නිර්මාණය සඳහා සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 150ක පිරිවැයක් දරමින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වන නිර්මාණයක් වනු ඇති බවටයි විචාරකයන් මත පලකරන්නේ.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින්.






සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු එළියට ආ අන්තිම කැමැත්ත
Monday, 22 June 2020 - 18:09

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ... Read More

වසර 40කට පසු ඔස්කාර් සම්මාන උළෙල කල් දැමේ
Tuesday, 16 June 2020 - 10:04

ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකෙන ඔස්කාර්... Read More